
(යොහාන් භාසුර)
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාරදුන්නේය.
එම කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා කටයුතු කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්පාදනයකිරීමේදී, එම පනතෙන් බලපෑමට ලක්වන පාර්ශවයන් හා නියමිත ප්‍රවිචාරණයක් නොකර පනත ඉදිරිපත්කර ඇති යැයි චෝදනාවක් එල්ල විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම පනත් කෙටුම්පතට එරෙහිව ක්ෂුද්‍ර මූල්‍යය වින්දිතයන්, ප්‍රජා මූල සංවිධාන ඇතුළු සිවිල් නියෝජිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ඉදිරිපත් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගය අවසානයේ පනතේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කළ අතර පර්ලිමෙන්තුව තුළත්, ඉන් පිටතත් එම පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස රජයට බලපෑම් එල්ල එල්ලවිණි.
මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත අදහස් විමසීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් අමාත්‍යංශයේ කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාලෝචන වාර්තාව මුදල් අමාත්‍යංශයට
රුවන් Friday, 10 January 2025 05:07 PM
උතුරේ දකුණේ පවුල් කීයක් විනාශ කළාද මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ටික, මේ අයට දඬුවම් දෙන්න ඕනේ.