
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කාෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතායතන වල නිත්‍ය නියෝජිත තානාපතිනී සින්ඩි මැකේන් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනී සින්ඩි මැකේන් මහත්මිය (Ambassador Cindy Hensley McCain-U.S. permanent Representative to UN Agencies)හා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මිය අද දින (26) කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවිය.
මෙහිදී අදහස් පළ කළ සින්ඩි මැකේන් මහත්මිය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව සිය රටට ගිය පසු අදාල සියලු අංශ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි අංශ සංවර්ධනය සඳහා ලබා දිය හැකි සියලුම සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලි ගහන්න තවත් අවස්ථාවක් වෙයිද?