(අංජුල මහික වීරරත්න)
ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.
ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ගොවීන්ගේ ගැටලුද විසඳන බව තෙන්නකෝන් මහතා කීය.
2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් දී තිබෙි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෘෂිකාර්මික වැඩවලටත් හෙට සිට භූමිතෙල්