(අංජුල මහික වීරරත්න)
ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.
ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ගොවීන්ගේ ගැටලුද විසඳන බව තෙන්නකෝන් මහතා කීය.
2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් දී තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd