
(අංජුල මහික වීරරත්න)
යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000 කින් සමන්විත පොහොර නැව ජූලි මස 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.
එම පොහොර තොගය ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (24) කෘෂිකර්ම ලේකම් රෝහණ පුෂ්කුමාර මහතාට උපදෙස් දුන්නේය.
යූරියා පොහොර නැව ගොඩබෑමෙන් පසුව දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරේ.එම කටයුතු ජූලි 07 දින සිට ජූලි 15 දක්වා සිදු කෙරෙන අතර එ් කටයුතු වෙනුවෙන් අදාළ කාලයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම යනාදී ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, අනිත් හැම අයටම සිකුරාදා නිවාඩු. ඒ අයට ඒකත් නැහැ. එැබැයි ඒ මිනිස්සු වැඩට එන්නේ කෝච්චිය උඩ නැගලා බව මේ උන්නැහේ දන්නේ නැතුව ඇති නේද?
එතකොට රටේ මේ තරම් අර්බුදයක් තියෙද්දී පඩිඅරන් පාර්ලිමේන්තුව වර්ජනය කරන අයට මොකද වෙන්නේ..?
හොඳම කාර්යක්ෂමය තමයි. කන්නය නිමා වෙන්නත් ආසන්නයි.. උතුරු නැගෙනහිර පළාත්වල ගොයම් කපනවා. ඇමැති පොහොර බෙදන්න වෑයම් කරනවා.