(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ඵලදාවර්ධන හා අලෙවි අංශය වහා ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
ඵලදාවර්ධන හා අලෙවි අංශය මගින් වැඩිපුරම සිදු කරනු ලබන්නේ ඉඩම් ගොඩ කිරීමට උපදෙස් දීම බවත්, ඉන් කිසිදු ඵලදා වර්ධන කටයුත්තක් ඉටු නොවන බවත් කෘෂිකර්ම පර්‍යේෂණ හා පුහුණු නිලධාරීහූ අමාත්‍යවරයාට දැනුම් දුන්හ.
රජය මේ වනවිට කුඹුරු ගොඩ කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් තහනම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම නිසා කෘෂිකර්ම ඵලදාවර්ධන හා අලෙවි අංශය වසා දමා අපනයනය සඳහා භෝග වගා කිරීමේ හා ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd