(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(26) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .
ඇය තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන හොංකොං නුවරට ගොස් එතැන් සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ , රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ , මෙම " කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 200 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘කුෂ් ‘ සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු