
(අංජුල මහික වීරරත්න)
සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරට තවත් ඩොලර් මිලියන 25ක් රජයේ මුදලින් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දුෂ්කර දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගත යුතුයැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ඉල්ලීමක් ඉල්ලීමක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අදාල දිස්ත්‍රික්ක වල වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහාත් වැඩි අවධානය යොමු කරන්නැයි ද අමාත්‍යවරයා වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය දෙය නොකරන අනවශ්‍ය දේ කරන කටින් බතල හිටුවන ඇමැති තමන්ගේ පවුල්වලට පමණක් හිත ඇති කවදත් ඇමැති...
තමුන්ගේ කුට්ටිය කීයද ?ඩොලර් මිලියන 2 ක් වත් නැත්නම් මදි නේද ?