(ඥානසිරි හෙට්ටිආරච්චි)
මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාදිපතිනිය දිනේෂා විරත්තනී නමැත්තියකි
මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ සහ කාර්යාල කාර්ය සහායකායද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 2 වැනි දා තෙක් රිමාන් බාරයට පත් කරනු ලබුවාය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දමින්ද ලක්මාල් නමැති ගුරුවරයා සහ සුමුදු චින්තන යන දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ නේද මේ?
ඔව් ජෙප්පෝ තමයි. ඉස්සෙල්ලාම කෘෂිකර්මය දියුණු කරලා තමයි වැඩ අල්ලන්න හදලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලේ එහෙම ජලවිදුලි බලාගාර වල වතුර යවලා ඩීසල්වලින් වැඩ කරලා පොඩි ගේමක් ගැහුවා. ගුරු වෘත්තියටත් ශොට් එක දුන්නා... ජෝසප් ස්ටාලින් එක්ක. ඉස්සරහට බලේ දීලා බලන්න හොඳටම කරයි හැම අංශෙන්ම...
ජෙප්පො තමයි ඔක්කෝටම අවුල, කවුරුහරි කට කතාවක් දැම්මාම ඒක තමයි රටේ ලොකුම වරද කියල අනිත් අය කරපුවා අමතක කරනවා, මේ ජෙප්පෝ කියලා කොතැනද කියැවුනේ, මේ රටේ ඕනෑම කෙනෙක් කාට හරි ඡන්දේ දෙනවා... ඒ දුන්නාට ඒ අය කරන සේරටම වගකියන්න ඕනද? මේ ජවිපෙ නායකයොද අපි නම් දන්නේ නැහැ. අනෙක ස්ටාලින් ජවිපෙ නෙවෙන බව නොදන්න අයගේ කතා ගණන් ගන්න එපා.
මහත්තයෝ ඔබගේ කට තිබුණු පලියටම අනුන්ට මඩ ගහන්න එපා, ඒ මඩ නැවත ඔබ කරා එන්න ඉඩ තිබෙනවා. ඔබට මේ කොමෙන්ට් එක දමන්න කීයක් දුන්නාද? නැත්නම් මුහුණ හෝදන්න "පාවිච්චි කරපු වැසිකිලි පෝච්චියක්" දුන්නාද?