(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දෙන ඉන්ධන දීමනාව පෞද්ගලික පරිහරණයට තබාගෙන රාජකාරියට පැමිණීමට සහ පිටව යාමටත් වෙනත් ගමන් බිමන් සඳහාත් අමාත්‍යාංශ සංචිතයේ තිබෙන වාහන පාවිච්චි කරන අතිරේක ලේකම්වරියක් ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිල්ලක් ලැබී තිබේ.
රජයේ ඉහල නිලධාරීන්ට ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ මහජන සේවය කාර්යක්ෂමව ඉටු කිරීමට බවත් එසේ දෙන මුදල සාක්කුවේ දමාගෙන අමාත්‍යංශ සංචිතයේ වාහන පාවිච්චි කිරීමෙන් මහජන මුදල් අවභාවිතාවක් වන බවත් අමාත්‍යවරයාට ලැබුණ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස වාහන අවභාවිතා කිරීම නතර කරන්නැයි කාෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ද අදාල අතිරේක ලේකම්වරියට දන්නවා ඇති නමුත් එම ක්‍රියාව නතර වී නැතැයි අමාත්‍යවරයාට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වේ.
අතිරේක ලේකම්වරිය මෙම වරද දිගින් දිගටම කරනවා නම් චක්‍රලේඛ අනුව විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.
අදාල අතිරේක ලේකම්වරියට මසකට රුපියල් 80000ක්90000ක් අතර ඉන්ධන දීමනාවක් ලැබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.