IMG-LOGO

කෘෂි ලොක්කා එළියට විසි වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  මුදිතා දයානන්ද)

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා  එම තනතුරින් අද (16) ඉවත් කරනු ලැබීය.

හෂාන් දිසානායක මහතා අද (16) පෙරවරුවේ සේවයට වාර්තා කළ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුට කතා කර  නව සභාපතිවරයකුට එහි වැඩ බාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස  දැනුම්දී  ඇතැයි එම ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ අනුව එම මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. එම්.බී  වීරසේකර මහතා
එහි සභාපති ධුරයේ ඊයේම  වැඩ බාරගත්තේය.

පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව තමා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් කළ බව හෂාන් දිසානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ දිසානායක මහතාගේ කටයුතු සම්බන්ධයෙන් ආයතනයේ  බොහෝ නිලධාරීන්ගෙන්  දැඩි විරෝධයක්  එල්ලවීම සැලකිල්ලට ගෙන ඔහු එම තනතුරින් ඉවත් කළ බවයි.

එසේම ඔහු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ ඇතැම්  නියෝග පවා  නොතකා කටයුතු කර තිබූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

හෂාන් දිසානායක මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ  සභාපතිවරයා ලෙස වැඩ බාරගනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි මස 23 වැනිදාය.



අදහස් (0)

කෘෂි ලොක්කා එළියට විසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 464 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site