
(ටී.කේ.ජී.කපිල )
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා " කුෂ් " ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබියදී , එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද සමග රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
කැනඩාවේ සිට ඩුබායි හරහා පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට , මෙම පාර්සලය කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ඉකුත් 26 දින එවා තිබුණි .
සැක කටයුතු මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට දී රේගු නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී , කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 883 ක් බර "කුෂ් " ගංජා මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම පාර්සලය භාර ගැනීම සදහා ජා - ඇළ , කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත පැමිණ තිබුණි .
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි