IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කෘෂි ඇමති උමන්දාව බලන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පැවසීය.

මැල්සිරිපුර උමංදාව විහාරස්ථානයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් එහි සිදු කර ඇති කෘෂිකාර්මික කටයුතු නිරීක්ෂණය කළේය.  දේශිය ද්‍රව්‍ය යොදාගෙන නව ආහාරපාන සැකසීම, නව කෘෂි තාක්ෂණය හා කාබනික වගාව විධිමත්ව කිරීම මගින් කෘෂි ක්ෂේත්‍රයේ  අස්වනු වැඩි කර ගත හැකි ආකාරයද මෙහිදී සාකච්ඡා කර ඇත.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ  ලබන මහ කන්නයේ වගා කිරීමේදී රසායනික පොහොර  හා කබනික පොහොර සියයට 70 හා 30 අනුපාතයෙන් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ට ලබා දීමටත්  ඊට අමතරව  කාබනික වගාවට යොමුවන ගොවීන් සඳහා පොහොර සනාධාරයක් ලබා දීමටත් රජය කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබෙි.



අදහස් (7)

කෘෂි ඇමති උමන්දාව බලන්න යයි

Jcn Friday, 05 August 2022 06:30 PM

උමන්දාවට යන්න.. ගොවිතැන ඉගෙන ගන්න..

:       7       61

පුරවැසියා.... Friday, 05 August 2022 08:02 PM

සමන්තභද්‍ර හිමියන්ගෙන් කෘෂිකර්මය පිළිබඳ උපදෙස් ලබාගැනීම උචිතයි...!

:       0       0

චමින්ද Friday, 05 August 2022 09:05 PM

උමංදාව සාර්ථක කෘෂිකර්ම භූමියක් නම් එහි අධිපති අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට පත්කරන්න බැරිද? එහෙම නැත්නම් කන්දෙගම මහතාගේ ගොවිපොලත් බලන්න. එහෙම බලා තිලක් කන්දෙගම මහතා උපදේශක කෙනෙක් කරන්න. ඔහු දන්නාදේ රටට ලබාදී රටේ සම්පත් ප්‍රයෝජනයට ගන්න. ඔහු කියන පරිදි දේශීය කෘෂිකර්ම තාක්ෂණයක් රටට දෙන්න.

:       2       30

සෙනවි Friday, 05 August 2022 10:20 PM

ආයෙමත් අනාගන්න යනවා.

:       0       0

Asela Saturday, 06 August 2022 01:10 AM

කෘෂිකර්මාන්තය පිළිබඳව මහාචාර්යවරු පසෙකලා වැරදි නිගමනවලට යාම ඉතාමත්ම අනතුරුදායකයි. කෘෂිකර්මාන්තය පිළිබඳ මහාචාර්යවරු එම කර්මාන්තය පිළිබඳ දීපු පුනරාවර්තන පසෙකලා තීන්දු තීරණ ගැනීමට යාමෙන් සිදු වූ විනාශය අවුරුදු දහයකටවත් නැවත හරි ගැස්සවීමට නොහැක. ඒ නිසා කෘෂි විද්‍යාඥයින් සමග සාකච්ඡා කරන්න...!

:       0       0

Damayanthi Peiris Saturday, 06 August 2022 02:10 AM

හොඳම වැඩක්...!

:       0       0

Ratawasiyek Saturday, 06 August 2022 01:29 PM

මේ ඇමැතිලාට ලැජ්ජාවක් නැද්ද? කෘෂි උපදේශකලාගේ ඇති වැඩේ මොකද්ද? වගාවක් පිළිබඳව මෙලෝ හසරක් දන්නේ නැද්ද ඔවුන්..? ඒකෙන් පේනවානේ දක්ෂ නිලධාරින් සුදුසු තැන්වල ඉන්නා බව...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 396 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site