
(රංජන් කස්තුරි)
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති.
රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආචාර්ය මහාචාර්යවරු සඳහන් කරති.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ මහතා වෙත ලිපියක් යවමින් එම ආචාර්ය මහාචාර්යවරුන් ජනාධිපතිවරයාගෙන් එම සාකච්ඡාව ඉල්ලා තිබේ.
ගෙවීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලු පර්ශ්වකරුවන්ට එකඟවිය හැකි විසඳුමකට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග එම සාකච්ඡාව කිරීමට අපෙක්ෂා කරන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා අහන්නේ නැහැ. මුරන්ඩුයි. එයානේ හොඳටම කරන්නේ.
දැන්නම් ඉතින් ඕනෙත් නැහැ විනාශ වෙලා ඉවරයිනේ.
මේ ඉදිරිපත් වීම අගය කල යුතුය. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙන් රටට ඉටුවිය යුතු මහඟු සේවයක් ඉටු කිරීමට සූදානම් බව පෙනේ. ඉන් ප්‍රයෝජන ගැනීම ට රජයට හැකියාවක් තිබිය යුතුය .
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම ගොවීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලු පර්ශ්වකරුවන්ට එකඟවිය හැකි විසඳුමකට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට කෘෂි ආචාර්යවරු,මහාචාර්යවරු තීරණය කල යුතුව තිබුනේ මීට මාස හයකට පමණ පෙර වේ . නමුත් ප්‍රමාධ වී හෝ මතුපිටට පැමිණ තීරණයක් ගැනීමට සහයෝගය දීම නිදහස් අධ්‍යාපනයට කරනා ගෞරවයකි
ඕවට ඉඩ දෙන්න එපා ජනපතිතුමනි .කෘෂිකර්මය ගැන මනා දැනුමක් තියන උගත් බුද්ධිමත් අපේ ඇමැතිතුමන්ලා කරන්නේ මොනවද කියලා දන්නවා
අනේ අවාසනාවන්. ජනාධිපති තුමා රටේ ජනතාව නිරෝගිමත්ව තබා ගැනීමට දරන උත්සාහය අගය කල යුතුයි.
බහුතරයක් පොහොර සමාගම් වලින් කොමිස් ගන්න අය.
බලාගෙන ඉන්න මහදුරු තුමාලා ටික හම්බුවෙයි සාකච්චාවක් නෙවෙයි සාකච්චා අටෝ රාශියක්ම ඒ විතරක් නෙමි ඔබතුමාලගේ යෝජනා ඔන්න බලන්න රෑ එළිවෙනකොට ක්‍රියාත්මක වෙලා තියේවි ! මේ ජනපති තුමා ගොට-භය විතරක් ම නෙමි සාකච්චා -භය බව දන්නේ නැත්ද ?
අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා තමයි මහාචාර්ය කෙනෙක්ව අයින් කලේ.ඕන දෙයක් අර අලුතෙන් පත් කරලා තියන කණ්ඩායම් එක්ක කර ගන්න
ප්‍රතිපත්තිය ජනාධිපතිතුමාගේ. එය දිනවීමටයි බහුතරය ඡන්දය දුන්නේ. පැරදුනු සුළුතරයට අවශ්‍යයි ඒක කඩාකප්පල් කරලා විවේචනය කර කර ඉන්න. මාෆියා කාරයන්ට අවශ්‍ය මිනිස්සුන්ට වස කවලා හරි තමන්ගෙ වෙලදපොල රැකගෙන ලාභය වැඩි කරගන්න. රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍යයි මේ රටේ ප්‍රශ්ණ ඇතිකරලා, කේලම් කියලා අවුල්කරලා තමන්ගෙ පැවැත්මට විදේශාධාර ලබාගන්න. ඇතැම් විදේශ රටවලට අවශ්‍යයි අන් රටවල් තමන්ට අවශ්‍ය විදිහට හසුරුවාගන්න. කවුද කැමති තමන්ගෙ ව්‍යාපාර කඩා වැටෙනවට. හැම දෙයක්ම හරියට වුනොත් මේ ගොඩක් අයගේ පැවැත්ම අහෝසි වෙලා ආදායම් මාර්ග නැති වෙනවා. ඒ්ක නිසා මේ හැමෝම කැමතියි අවුලක් තියෙනවට. දේශපාලකයොන්ට විතරක් නෙවෙයි ආගමික පූජකවරුන්, ව්‍යාපාරිකයන්, නීති කේෂේත්‍රයේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ, මොන විදිහට ගත්තත් හැමෝටම තමාට ආවේනික දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ්ක නිසා තමයි සමහර අයට කැමති දේ සමහර අයට දිරවන්නේ නැත්තේ. සමහරු හිමින් කියන්න ඔ්න දේවල් සංදර්ශණ දාලා කෑ ගහලා කියන්නෙත්. ගෙදර ප්‍රශ්ණ පාරට බැහැලා කතා කරන අයත් ඉන්නවා. හිමිහිට ප්‍රශ්ණය විසදාගන්න අයත් ඉන්නවා. අවංකයොත් ඔ්න තරම් ඉන්නවා. අපි කලබල නොවී අවබෝධයෙන් බලන්න ඔ්නේ.
ජනාධිපතිතුමා කෘෂි විශේෂඥයන් සමග සාකච්චා කරලා ඒ අයගේ උපදෙස් ගන්න තිබුනේ .කාබනික පොහොර පිලිබඳ තීරණය ගන්න බොහෝ කලකට කලින්