( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කාන්තාවකගෙන් රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි

පැමිණිකාර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාව නඩත්තු සහ අපහාසය සඳහා රුපියල් 80000 ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලේඛන ලබා දී ඇත.

එම වන්දි මුදල ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 50000 ක අල්ලස් මුදලක් ඉල්ලා එයින් රුපියල් 10,000 ක මුදලක් වරකා මුර ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ පවත්වා යන කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.