( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේන් බහිලා යන මහත්වරුන් , ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කරනු ලැබූහ.
සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
කෝවිඞ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති .
එහි 61 ් දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම තමන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති .සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඔවූහු සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.
ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ කියාසිටිති. එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ.සුමන්තිරන් , ෆායිස් මුස්තාපා , ඉක්‍රාම් මොහොමඞ් , නීතීඥවරුන් වන විරාන් කොරයා , ෆයිසා මුස්තාපා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් 19 වසංගතයෙන් මිය යන අනෙක් රටවල මිනිස්සුන්ගේ මිනී භූමදානය කරන අතර ලාංකිකයින්ගේ මරණ අනිවාර්යයෙන්ම අාදාහනය කළයුතු බව කියන අයට ශාප වේවි. සෞඛ්‍ය අමාත්‍යංශයේ කව්රු හරි සිටිනවා නම් ඔවුන්ටත් ශාප වෙවා. දොස්තර සංගම් වල කව්රු හරි සිටිනවනම් ඔවුන්ටත්, රජයේ උසස් නිලධාරීන් කව්රු හරි සිටිනවා නම් ඔවුන්ටත් ශාපය වදීවි.
මේ කියන ජාතියට කෝවිඩ් හැදෙනකම් උඩ බලන් හිටපු දෙවියන්, කෝවිඩ් හැදිලා ඉස්පිරිතාලේ විඳවන කොට නැති දෙවියන් මැරුණාට පසු මොන මගුලකටද?
මේක කවුරුවත් කාගෙවත් අයිතිවාසිකම් කතාකළයුතු වෙලාවක් නෙමේ. අපි හැමෝම තමන්ගේ යුතුකම් රට වෙනුවෙන් ඉටුකළයුතු මොහොතක්. හැමෝම ඒක මුලින්ම තෙරුම් ගත යුතුයි. මුස්ලිම් සමාජයේ විතරක් නෙමේ අපි හැමෝගේම නොයෙකුත් අයිතිවාසිකම් මේ කොරෝනා ඉදිරියෙයි අද නැතිවෙල තියෙන මොහොතක්.. ආගමක් අදහන්නත්... දෙවියන් වඳින්නත් ඉස්සරවෙලාම මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕනේ.. හැමෝම ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ.. කියන්නම් වාලෙ කියන්නෙ නැතිව... කරන්නම් වාලේ කරන්නෙ නැතිව.. මොන ආගමක්, දහමක් ඇදහුවත් මිනිස්සු වුණාම මීට වඩා ටිකක් හරි බුද්ධිමත් වෙන්න ඕනේ...
ඉතා වටිනා නඩු තීන්දුවක්... පෙත්සම් 12ම ඉවතට... මිනිහෙකු මියගියාම ඒ මිනිහාගේ විශ්වාසය කුමක් වුවත් වෙන්නේ කුණුවී පනුවන් ගසා දිරා යන එකයි. ටිකදිනක් ගියපසු ගොඩදැමීම කළහොත් පළාතේ යන්න බැහැ දුර්ගන්ධය හමනවා. එ්ක තමයි ජීවිතයේ අනිත්‍ය ධර්මය. මේ සනාථන දහම බොරුකිරීමට කාටවත්ම බැහැ. මෙය අප කාටත් පොදුයි. මෙය වටහා ගැනීමට නොහැකි ඇතැම් මිනිසුන් තමන්ගේ වර්ගයාට පමණක් ආවේණික අමුතු ක්‍රමවේදයක් ගෙනඒමට උත්සාහ කළා. මේ රට ජලගැලීම් බහුලව තිබෙන රටක්. වෛරස් සහිත මෘතදේහ වැළලීම සිදුකළහොත්, ඒවායේ තිබෙන කොරෝනා වෛරස් ජලයට මුසු උවහොත් මුළු රටේම මිනිසුන් මියයාවී. එක්තරා කොටඨාසයක මළමිනී නිසා ඒ තත්වය ඇතිවීමට ඉඩදීය යුතු නොවේ. ජීවත්ව සිටින මිනිසුන්ගේ යහපත පසෙකලා මළමිනී වෙනුවෙන් නැගූ බොල්හඬ අධිකරණය විසින් එහෙම පිටින්ම පුස්වෙඩිල්ලක් බවට පත්කොට ඇත. තව දුරටත්, මළමිනී බදාගෙන විකාර කරනවාට වඩා ජීවත්ව ඉන්නා මිනිසුන් වෙනුවෙන් යුතුකම් කිරීම වටනේය.
ආණ්ඩුවට දැන් තියෙන විවේචන වලට මේකත් දුන්නොත් සර් ඉවරෙටම ඉවරයි.
අපරාදෙ... ඔය නඩුව අහන්න තිබ්බේ අලි සබ්රි මහතාගේ තනි පෙත්සමක් විදියට.. එතකොට ගරු උසාවිය ඕක ගැන සානුකම්පිකව සලකන්න තිබුණා. කාලය මැව් වෙනසක අරුමේ..!
මෝඩ සිංහලයින්ට නොමිලේම චූන් වෙන්න කියාපු නඩු තීන්දුව. මොනවා වුණත් අලි සබ්රි මහත්තයා මෙතන පෙනී නොහිටියත් එතුමාට සහාය දැක්වූ කණ්ඩායමට ගොඩක් පින්සිද්ධ වෙනවා මේ රටේ මොඩයින්ව මේ විදිහට චූන් කළ එකට? අපටත් ඉතින් සතුට සමරන කිරිබත් කෑල්ලක් කොහෙන් හරි ලැබෙයිනේ බඩ පුරෝගන්න..
මිනී කඳන් වලින් ගොඩගිය ආණ්ඩුවක් නම් ඉතිං මේක තමයි...
වසංගතයක් තේරුම් ගන්න බැරිතරම් අන්ධ වූ පිරිසකට මැරුණාට පස්සේ මිනිය බදාගෙන කරන නාඩගමට හොඳ උත්තරයක් ගරු අධිකරණය දීලා තියෙනවා. තව දුරටත් එක ජාතියකට විශේෂ සැලකිල්ලක් කිසිසේත්ම දැක්විය යුතු නැහැ. එක දෙයක් දැන්වත් මෝඩ සිංහලයා තේරුම් ගත යුතුයි. මේ සිද්ධියේදී වුණත් මුස්ලිම් දේශපාලකයින් සියල්ල එකට එකතු වුණා. හරියට පාස්කු ප්‍රහාරය වෙලාවේ බදුර්දීන් වෙනුවෙන් කට්ටියම එකට එකතු වුණා වගේ. හැබැයි ඔය විදිහට සිංහල දේශපාලකයින් එකතු වුණා නම් අපේම අය ජාතීවාදින් කියලා හංවඩු ගහලා...
මැරිච්ච මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවට කට්ටියට මේ තරම් අමාරු නම් ජීවත් වෙලා ඉන්න අපි මේ මැදපෙරදිගට වෙලා අපේ ගෙවල් දොරවල් වලට එන්න විදිහක් නැතුව ඉන්නකොට අපේ කඩ වෙන්නේ මොන අයිතිවාසිකමද? ඒ ගැන කතා කරන්න කවුද ඉන්නේ අපේ මූලික අයිතිවාසිකම් මානව හිමිකම් හැමදේම දැන් කඩවෙලා තියෙන්නේ ආණ්ඩුව මේවට වන්දි ගෙවන්න වෙනවා. අනිවාර්යයෙන්ම කොයි වෙලේ හරි ලංකාවට එන්න ලැබෙයිනේ... අන්න එදාට අපේ කඩවුණු මානව හිමිකම් වලට අපේ කඩාවැටුණු ආර්ථිකයට වන්දි ගෙවන්න සමස්ථ ආණ්ඩුවම සූදානම් වෙලා ඉන්න.
පුපුරන් මැරිලා පිච්චුනාම, කොරෝනා හැදිලා මැරිලා පිච්චුවම මුකුත් නෑ. රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඉන්න මිනිස්සුනේ. අනිත් ආගම් වල මිනිස්සු වලදාන්න පුච්චන්න තර්ක ගෙනාවේ නෑනේ. ඔක්කොම එකතු වෙලා බලන්නේ මේකෙන් ගොඩ යන්න. සුළුතරයක් හදන්නේ එයාල හදා ගත්ත නීති එක්ක අනිත් මිනිස්සුත් අපහසුතාවයට පත් කරලා අවුල් කරන්න.
කොවිඩ් මරණ වල නොදමන්න නීති තිබෙන්නේ මම දැනුවත්ව ලංකාවේ පමණි. කොවිඩ් වයිරසය ඔය කියන තරම් දරුණු නම් රෝගියා රෝහලේදී නිදාගත් ඇඳ පවා ගිනි තබා පිළිස්සිය යුතුයි නේද? මම සිංහල බෞද්ධයෙක්.. නමුත් ලංකාවේ අපගේ සහෝදර මුස්ලිම් ජනතාවට කරන මේ කෙණෙහිලි සහ ගුවන් තොටුපළ වහලා දාලා අපගේ විදේශ ශ්‍රමිකයන්ට රට තුළට එන එක වළකලා කරන කරදරත් හෙළාදකිමි.
ඉතාම හොඳ නඩු තීන්දුවක්. මැරුණාම කුණුවෙන ශරීරයට නැවත ආත්මයක් එන්නේ නෑ.
මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය නේද වැදගත්... මේවා අල්ලගෙන මොන නාඩගමක් නටන්න හදනවද? මේ ව්‍යසනයෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරන එක හොඳ නැහැ කියලාවත් තේරෙන්නේ නැති හැටි...
අරාබි රටකට බුදු පිළිමයක් ගෙනියන්න බැහැ. එතකොට කෝ මේ මානව හිමිකම් ගැන බුරන එවුන් ටික..?
අනෙක් සියලුම ආගම් නව වර්ධනයන් හා වෙනස්වීම් වලට අනුව හැඩගැසී පරිත්‍යාග කරන විට මුස්ලිම්වරු පමණක් ඇලුම් කරන්නේ ඇයි? මේ නිසා ඔවුන් සෑම තැනකම වෛරයට පාත්‍ර වේ. ඔවුන් මුහුණු ආවරණයක් පැළඳ සිටින විට එය කරදරයක් හා අන්‍යයන්ට තර්ජනයක් බවට පත්වේ, එබැවින් ඔවුන් අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු නොකරන්නේ ඇයි? හරිම ආත්මාර්ථකාමී මිනිස්සු ..
තමන්ට සුදුසු නොවන මුස්ලිම්වරුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය බව පවසා ඇති රජය, ආරක්ෂිත භූමදාන ක්‍රම පිළිබඳව සොයා බැලිය යුතු අතර, හැකි නම් විකල්පය ලබා දිය යුතුය. මැදපෙරදිග මුස්ලිම් පාලකයන් මෙන් ක්‍රියා නොකර සාධාරණ ඉල්ලීම්වලට අප එකඟ විය යුතුය.
එක රටක්, එක නීතියක් රටකට තියෙන්න ඕනෑ. ඒත් මෙතන තියෙන්නේ ඒක නෙමෙයි. සර්ගේ හොර රැළ නිකන්ම නිදහස් කරන්න අධිකරණය මෙතෙනදී විතරක් හරි තීරණය ගන්නවා. මේ තීරණය නිසා හැංගිලා හිටපු මී හරක් බයියෝ ටිකක් නම් එළියට ඇවිල්ලා ආයෙත් තප්පුලනවා පේනවා. කොවිඩ් 19 වළකන්න මේක තමයි ගන්න ඕනෑ හරි තීන්දුව. ඒත් බයියෝ මේක ගැන හිතන්නේ අමන විදිහට.
කතාව නම් සිංහල මහා ජාතියලු? හැබැයි ඒ මහා සිංහල ජාතිය අන්න, මුස්ලිම් අරාබි රටවල නන්නත්තාර වෙලා. හිඟමනට වැටිලා ඉන්නවා. ඒවා ගැන උඩු බුරන්න බල්ලෙක් වත් නැහැ. මළමිනී වලලන්න අයිතිය ඉල්ලු අලි සබ්රි ගැන කතා නොකරන, පුහු දේශප්‍රේමී වහල්ලු මෙතන වැලලෙන්න උඩු බුරනවා. අනුන්ගේ මළ මිනී පුච්චන්න වලිකන අයට ඔවුන්ටත් නොදැනීම පණ පිටින්ම තමන්ව පිච්චිලා අලුවෙලා යන බව තවම දැනිලා නැතිව ඇති? අනික ඉතින් මීට කාලෙකට කලින් බඩ පිරෙන්න වඳ කොත්තු කාලා, බිරිඳට වඳ සත්කමකුත් කරගෙන, හිටපු මානසික අඳ බාලයින්ට හැමදාම වුනේ අනුන්ට කපාපු වලේ තමන්ම වැටෙන එකනේ...?