(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් දින 45ක් තුළ පෞද්ගලික බස්රථ සඳහා රුපියල් කෝටි 200 ක් පමණ පාඩු ලැබූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් පෞද්ගලික බස්රථ සේවකයන් 50,000කගේ පමණ රැකියා අනතුරට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
පෞද්ගලික බස්රථ 20,000ක් පමණ දිනපතා ධාවනය කෙරෙන බවත් එම සියලුම බස්රථවල ආදායමට මෙම තත්වය බලපා ඇතැයිද විජේරත්න මහතා සඳහන් කළේය.
මෙම තත්වය හමුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුලු ආයතන බස්රථ වලින් කෙරෙන අයකිරීම් දිගටම සිදුකෙරෙමින් පවතින බවද ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් බස්රථ කර්මාන්තය දැවැන්ත අර්බුදයක් ලක්වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව මිනිසුන්... අනෙක් දේ පසුව...
අද මෙහෙම කිව්වට, හැමදාම කියන්නේ බස් කර්මාන්තය පාඩුයි, පාඩුයි කියලා. ටැක්ස් ගෙවනකොටත්, හැමදාම පාඩුයි.
දවස් 45කදී කෝටි 200ක් හොයන මිනිස්සු තමයි, පාඩුයි පාඩුයි කියලා අපේ බෙල්ල මිරිකන්න හදන්නේ..!
යකෝ නුඹලා විතරද පාඩු ලබන්නේ....? කොවිඩ් නිසා මුළු ලෝකයේම බිස්නස් කරන අය පාඩු ලබනවා. නුඹලා විතරක් මොකක්ද වෙනස..?