(ඩයනා උදයංගනී)
කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බව කී වෛද්‍යවරයා මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත් හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බව ද සඳහන් කළේයවෛද්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොවිඩ් නියුමෝනියාව ඇතිවන අයගෙන් මියයන්නේ ඉතා අඩු සංඛ්‍යාවක් බව කී විජේවික්‍රම මහතා රෝහල්ගත වන විට නිව්මෝනියාව උත්සන්න වී තිබීම, වයස අවුරුදු 60ට වැඩිවීම හා වෙනත් රෝගාබාධ තිබීම වැනි අවස්ථාවලදී රෝගියා මියයාමට අවස්ථාවක් තිබෙන බව ද කීවේය.
මේ වයිරසය පහසුවෙන් මැරෙන වයිරසයක් බවත් නිතර දෑත් පිරිසිඳු කිරීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගැනීම, ජනතාව ගැවසෙන තැන් මගහැරීම මගින් ඉන් ආරක්ෂා විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම ව්‍යසනයට හේතුව යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමත් ඉන්දියානුවන්ට නිරෝධායනය මුවාවෙන්ම කාමරදීමත් නිසයි.. දැන් කට්ටියගේම කටවල් වැහිලා. රටේ ජනතාව අමාරුවේ දැම්මා.
මෙතුමාගේ අදහස් දැක්වීමට ගරු කරමු...
කවුරු කවුරුත් කරපු ඒවා කියවනවා. අපි කරපුවා කවුරුවත් කියන්නේ නැහැ....
ඉන්දියාවේ පසුගිය ඉරිදා වෛද්‍යවරු 50ක් කොරෝනාවෙන් මියගිහින්.. දැනටම එරට වෛද්‍යවරු 1000ක් මිය ගිහින් කොරෝනාවෙන්... මේ වසංගතය සැහැල්ලුවෙන් ගන්න එපා.. අනෙක් දේශපාලන න්‍යාය පත්‍ර පස්සට දාගන්න ජනතාව බේරගන්න කැපවෙන්න කාම්බෝජය මාසයක් ලොක්ඩවුන් කරලා රෝග තත්වය අඩුකර ගත්තා.. මේවා අධ්‍යයනය කරලා බලන්න. පෝර්ට් සිටි විකුණලා සල්ලි අරන් කොරෝනාවෙන් බේරෙන්න අමාරුයි...
දේශීය බෙහෙත් මගින් කොරෝනා හැදිච්ච කෙනෙක් හොඳ කරන්න පහසුවෙන්ම හැකියාව තිබෙනවා. නමුත් කොරෝනා හැදීම වළක්වන්න නම් නිර්දේශිත ක්‍රමයකට වරින්වර භාවිතා කරන්න වෙනවා. ඔය ඕනෑම දේශීය සංයෝගයක ප්‍රතිශක්තිය තියෙන්නේ උපරිම සති 3යි. ඊට පස්සේ නැවත නැවත භාවිතා කරන්න වෙනවා. ධම්මික පැණිය නෙමේ, ඕනෑම බෙහෙතක තත්වය ඕක තමයි. වෙදකම භාගෙට දන්න අය ජීවිත කාලෙටම ප්‍රතිශක්තිය තියෙනවා කියලා දේශීය බෙහෙතේ වටිනාකම නැති කරලා විනාශම කළා...
අන්න පිටරටින් ආසාධිතයන් ගෙන්නවා වෛරසය රටට ගෙන්නුවා කියා හාමුදුරු නමක් නඩු පවරලා.
නියුමෝනියාව ප්‍රශ්නයක්ද? ලොකුම ගැටලුව රටේ ජනතාවට තිබුණේ මේ වරාය පනත සම්මත කරගන්න එකනේ... ඊට පස්සේ මොනවා වුණාම මොකද? බඩුමිල වැඩියි. ඒත් කෑම නෑ.මේක චීනයට පහසු විදිහට කරගන්න දුන්නාම හොඳයිනේ... එතකොට දුප්පත් ජනතාවගේ බඩවල් පිරෙනවනේ සතුටට...