
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ලබන 31 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.
මෙම පෙත්සම්, ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, සහ කුමුදිණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.
රවීන්ද්‍ර ලාල් ගුණරත්න, වෛද්‍ය රංජීව ගුණසිංහ ඇතු`ථ පිරිසක් මෙම පෙත්සම ගොනුකර ඇති අතර මෙහි වගඋත්තරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතු`ථ පිරිසක් නම් කරනු ලැබ තිබේ.
කොවිඩ් මර්දනය සදහා වන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයවලුන්ට අප්‍රේල් මස 30 වැනිදායින් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුලුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් ඉකුත් ජනවාරි මස 25 වැනිදා නිකුත් කරනු ලැබූ අංක 2264/22 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සමෙන් දක්වා ඇත.
මෙමගින් ජනතාව බිය ගැන්වීමක් සිදුවන බවත් එන්නත් ලබා ගැනීම හෝ නොගැනීම එම පුද්ගලයාගේ පෞද්ගලික අභිමතය වන බවත් සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්කරු, එන්නත් විදිම සම්බන්ධයෙන් කිසිවකුට හෝ බල කළ නොහැකි බවද සදහන් කර තිබේ.
මේ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම අවසර ලබාදෙන ලෙසත්, මෙමගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. එසේම, මෙම ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd