(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා මේ වනවිට භාවිතය කර ඇති එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (8) පැවසීය.
මෙම එන්නත ලොව සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස ලබාගැනීමට මෙසේ ඉල්ලීම් කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මේ වනවිට සාර්ථක බවක් පෙන්නුම් කොට ඇති එම එන්නත නිෂ්පාදන ධාරිතාවය අනුව ලංකාවට ද ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද රමේෂ් පතිරණ මහතා කීවේය.
ඒ අනුව, ඉදිරි මාස තුනත් හයත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ලොව අනෙකුත් රටවලට ද මෙම වයිරසයෙන් මිදීමට හැකි වනු අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එමෙන්ම, දේශීයව නිෂ්පාදිත ඖෂධ වෛරසයට එරෙහිව හොඳින් ප්‍රතිචාර දක්වන්නේ නම් වෛරසය මැඩලීමේ කෙටි කාලින ක්‍රියාමාර්ගයක් ලෙස ජනතාවට ලබා දීමට බටහිර වෛද්‍යවරුන්ගේ එකඟතාවය ද ලැබී ඇති බව ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
එහි සාර්ථකභාවය පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපි කොහොමද මෙහෙම හිඟන ජාතියක් වුනේ? මුළු ලෝකෙම එන්නත් හදන්න දඟලද්දී අපි කලගෙඩි සෙල්ලම් කරකර ඉඳලා දැන් එනනත් හිඟාකන්න යනවා. දැන් අඩුම ගානේ... පුංචි හරි බලාපොරොත්තුවක් තියන අර පැණියවත් ගොඩදාගන්න බලන් නැතුව කටඇරන් බලන් ඉන්න යනවා එන්නත් එනකම්...!!!
"මෙම එන්නත ලොව සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කර ඇති බවත් " අපේ අම්මෝ පට්ට කෙබරයක්. සාධාරණව බෙදාහරින ලෙසට ඉල්ලීමක් කර ඇති නමුත් ඇනවුම් කොට මුදල් ගෙවා ලබාගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලබා දෙන්නේ නැහැ.
සාර්ථකද කියල බලන්න දෙයක් කාලයක් නෑ. අන්න කට්ටිය පොරකකා බේත ගන්නවා. ඒකෙන් තවත් COVID වැඩිවෙයිද මන්දා?
ඇයි පැණිය හරියන්නේ නැද්ද?
මීට කළින් දේශීය ඖෂධ ගැන සොයා බැලිය යුතුයි.
විද්‍යාත්මක පදනමක් නැති පැණි බීලා තව දහස් ගණන් වකුගඩු රෝගීන් හෝ කෝවිඩ් රෝගීන් කළාට පස්සේ චීනගේ 2.50 බේතක් කොමිස් පිට ගෙනැල්ලා ගහමු..!!!
මොන එන්නතක් ගැනද මේ කියන්නේ? WHO එකෙන් කිසිම එන්නතක් අත්හදා බලලා නැහැනේ...
ඇත්තටම වෛද්‍ය චන්න ජයසුමණ හා වෛද්‍ය රමේෂ් පතිරණ දෙදෙනාට ඖෂධවේදය ඉගැන්වූ මහාචාර්යවරුන් තවමත් ජීවතුන් අතර සිටීද ?
හපොයි , එතකොට නෝනා පැණිය බිව්වෙ සාර්ථකද කියලා බලන්නෙවත් නැතිවද?
අපට ඔය මිලදී ගතයුතු එන්නත කුමක්ද? කොරෝනා මර්ධන පැණියක් මෙහි නොමිලේ තියෙනකොට?
අනිත් රටවල් ඔක්කොම කෝවිඩ් එන්නත් එම නිෂ්පාදනය කරන සමාගමෙන් ඇනවුම් කරද්දී ඇයි ලංකාව විතරක් WHO එකෙන් ඉල්ලන්නේ...?
අපේ පැණිය අපිට හොදයි... ඔය බටහිර රටවල ඛෙහෙත් ලංකාවට ගේන්න එපා...
ඇයි වඩු බාස්ගේ පැනිය හොඳ නැද්ද දැන්..? ගගෙන් නයි ගේන මුට්ටි දාන අයට කනේරු ඇට තලලා බීපන් කිව්වත් බොයි .. මොකද දේශීය බඩුනේ..