IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොවිඩ් එන්නත ශ්‍රි ලංකාවට ලබා ගැනිමට ඉල්ලිමක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා මේ වනවිට භාවිතය කර ඇති එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (8) පැවසීය.

මෙම එන්නත ලොව සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස ලබාගැනීමට මෙසේ ඉල්ලීම් කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

 මේ වනවිට සාර්ථක බවක් පෙන්නුම් කොට ඇති එම එන්නත නිෂ්පාදන ධාරිතාවය අනුව ලංකාවට ද ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද  රමේෂ් පතිරණ මහතා කීවේය.

ඒ අනුව, ඉදිරි මාස තුනත් හ‍යත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ලොව අනෙකුත් රටවලට ද මෙම වයිරසයෙන් මිදීමට හැකි වනු අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම, දේශීයව නිෂ්පාදිත ඖෂධ වෛරසයට එරෙහිව හොඳින් ප්‍රතිචාර දක්වන්නේ නම් වෛරසය මැඩලීමේ කෙටි කාලින ක්‍රියාමාර්ගයක් ලෙස ජනතාවට ලබා දීමට බටහිර වෛද්‍යවරුන්ගේ එකඟතාවය ද ලැබී ඇති බව ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

එහි සාර්ථකභාවය පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා කීවේය.



අදහස් (14)

කොවිඩ් එන්නත ශ්‍රි ලංකාවට ලබා ගැනිමට ඉල්ලිමක්

කැප්පෙටිපොළ Tuesday, 08 December 2020 10:12 AM

ඇත්තටම අපි කොහොමද මෙහෙම හිඟන ජාතියක් වුනේ? මුළු ලෝකෙම එන්නත් හදන්න දඟලද්දී අපි කලගෙඩි සෙල්ලම් කරකර ඉඳලා දැන් එනනත් හිඟාකන්න යනවා. දැන් අඩුම ගානේ... පුංචි හරි බලාපොරොත්තුවක් තියන අර පැණියවත් ගොඩදාගන්න බලන් නැතුව කටඇරන් බලන් ඉන්න යනවා එන්නත් එනකම්...!!!

:       0       0

rana Tuesday, 08 December 2020 10:46 AM

"මෙම එන්නත ලොව සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කර ඇති බවත් " අපේ අම්මෝ පට්ට කෙබරයක්. සාධාරණව බෙදාහරින ලෙසට ඉල්ලීමක් කර ඇති නමුත් ඇනවුම් කොට මුදල් ගෙවා ලබාගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලබා දෙන්නේ නැහැ.

:       0       0

Rohana Tuesday, 08 December 2020 11:21 AM

සාර්ථකද කියල බලන්න දෙයක් කාලයක් නෑ. අන්න කට්ටිය පොරකකා බේත ගන්නවා. ඒකෙන් තවත් COVID වැඩිවෙයිද මන්දා?

:       7       26

samira Tuesday, 08 December 2020 01:37 PM

ඇයි පැණිය හරියන්නේ නැද්ද?

:       2       20

Demuni Uduwara Tuesday, 08 December 2020 01:39 PM

මීට කළින් දේශීය ඖෂධ ගැන සොයා බැලිය යුතුයි.

:       19       9

Nuwan Tuesday, 08 December 2020 02:12 PM

විද්‍යාත්මක පදනමක් නැති පැණි බීලා තව දහස් ගණන් වකුගඩු රෝගීන් හෝ කෝවිඩ් රෝගීන් කළාට පස්සේ චීනගේ 2.50 බේතක් කොමිස් පිට ගෙනැල්ලා ගහමු..!!!

:       0       0

Akila Tuesday, 08 December 2020 03:32 PM

මොන එන්නතක් ගැනද මේ කියන්නේ? WHO එකෙන් කිසිම එන්නතක් අත්හදා බලලා නැහැනේ...

:       0       0

සඳුන් Tuesday, 08 December 2020 04:02 PM

ඇත්තටම වෛද්‍ය චන්න ජයසුමණ හා වෛද්‍ය රමේෂ් පතිරණ දෙදෙනාට ඖෂධවේදය ඉගැන්වූ මහාචාර්යවරුන් තවමත් ජීවතුන් අතර සිටීද ?

:       3       18

lakvidu Tuesday, 08 December 2020 04:16 PM

හපොයි , එතකොට නෝනා පැණිය බිව්වෙ සාර්ථකද කියලා බලන්නෙවත් නැතිවද?

:       2       15

69lakshaya Tuesday, 08 December 2020 06:10 PM

අපට ඔය මිලදී ගතයුතු එන්නත කුමක්ද? කොරෝනා මර්ධන පැණියක් මෙහි නොමිලේ තියෙනකොට?

:       1       16

K PereraWednesday, 09 December 2020 10:27 AM

සේරටම කළින් ඔය පැණිය හදපු වෙදමහත්තයා කොරෝනා රෝගීන් සමග සතියක් වත් එකට තැබුවා නම් නේද හොද? එතුමා බැහැ කියාවිද?

:       0       0

Anura Wednesday, 09 December 2020 07:05 AM

අනිත් රටවල් ඔක්කොම කෝවිඩ් එන්නත් එම නිෂ්පාදනය කරන සමාගමෙන් ඇනවුම් කරද්දී ඇයි ලංකාව විතරක් WHO එකෙන් ඉල්ලන්නේ...?

:       0       0

banda Wednesday, 09 December 2020 11:26 AM

අපේ පැණිය අපිට හොදයි... ඔය බටහිර රටවල ඛෙහෙත් ලංකාවට ගේන්න එපා...

:       0       0

shafraz Thursday, 10 December 2020 12:54 AM

ඇයි වඩු බාස්ගේ පැනිය හොඳ නැද්ද දැන්..? ගගෙන් නයි ගේන මුට්ටි දාන අයට කනේරු ඇට තලලා බීපන් කිව්වත් බොයි .. මොකද දේශීය බඩුනේ..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31593 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13957 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site