( තිළිණි ද සිල්වා )
මේවනවිට කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොටඅවශ්ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඇමරිකාව, එංගලන්තය, චීනය ප්රමුඛ රටවල් කිහිපයක් මේවනවිට කොවිඩ් එන්නත් නිපදවා ඇති අතර එම එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොටඅවශ්ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරනු ලැබූ බව එම මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.
දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුවතීරණය කෙරේ. වතු, මහල් නිවාස, නේවාසිකාගාර ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත රැස් කිරීමට ද තීරණය කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් ඔයා නම් සුදුස්සාට සුදුසු තැන දෙන්න උපන් හපනෙක්! අනේ මගේ මාතෘ භූමිය...!
සිල් රෙදි ඛෙදපු ආනිශංස මොලොවදීම පටිසන් දෙන්න යන්න වගේ... සාදු සාදු තව පින් වැඩ කරන්න සිල් රෙදි වගේ....
බෙහෙත් විදගන්න අයට නොමිලේ සිල්රෙදි ටිකක් දෙන්න පුළුවන් නම් හොඳයි නේද?
ලංකාව යනු චෞර රාජ්‍යයක් යන්න නැවතත් ඔප්පු වෙනවා.
අපේ ‘‘ධම්මික රජාගේ කොරෝනා පැණිය‘‘ තියෙද්දී අහවල් එකටද බටහිර කොරෝනා එන්නත් අධික මිලක් දීලා ගන්නේ...?
හූනා කිව්වා වගේ කියන්නම්... ගෙන්නන්නේ චීනෙන්..
කිසිම වෛද්‍ය දැනුමක් නැති පුද්ගලයෙක් කොහොමද මේක කරන්නේ?
එන්නත සුදු රෙද්දකින් ඔතලා දෙන්න කියන්න. එතකොට පින වැඩියි.
එන්නතෙනුත් ගසා කයිද දන්නේ නෑ.. එහෙව් කෙනාට තමයි දීලා තියෙන්නේ එන්නත ගෙන්නන වැඩ ටික බලන්න ....
දිට්ඨ ධම්මවේදනීය කර්මයද? උපපජ්ජවේදනීය කර්මයද කියන්න බෑ. කොහොම වුණත් සිල්රෙදි බෙදපු යාලුවා ඕකටත් මැදිකර ගන්න.
ස්විස් වලින් තව අලුතින් ගෙයක් ගන්න පුළුවන් සර්... ඉක්මන් කරමු.
සම්බන්ධීකරණ කමිටු දදා ඉන්න. මේ රටවල් අද ඉඳලා ජනතාවට එන්නත් කිරීමටත් පටන් ගත්තා. කිසිම දෙයක සාර්ථක වැඩ පිළිවෙලක් නැහැ.
කවුද සර්ට ඉහළින් සීනිවල බදු සත 25ට අඩුකරලා රටට පාඩු කළේ? ඔයපී.බී. ලා..., ලලිත්ලා නැන නම් විශ්වාසයක් නැහැ අපිට නම්..
සුනාමි ගැහිල්ල, මිග් ගැහිල්ල, සිරිලිය ගැහිල්ල, ක්‍රිස් ගැහිල්ල... ඔක්කොම යටයි කෝවිඩ් ගැහිල්ලට...
නියමෙටම වැඩේ කරලා දෙයි..