(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය එක්ව ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන හරහා එන්නත් ලබාගත් ජනතාවගේ එන්නත් වාර්තාව එම වැඩසටහනේ දත්ත පද්ධතියට නිසිපරිදි ඇතුළත්කර නොතිබීමෙන් මේ වන විට ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළ බොහෝ එන්නත් මධ්‍යස්ථානවල එන්නත් ලබාදීම කාඩ්පතේ සටහන් කළ ද දත්ත පද්ධතියට ඇතුළත් නොකිරීමෙන් විදේශගත වන පුද්ගලයන්ට ‘කොවිඩ්’ මර්දන විද්‍යුත් වාර්තාව ලබාගැනීමේදී ස්ථාන කීපයකට ගොස් කාඩ්පත ඉදිරිපත්කර දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට සිදුව තිබේ.
විදේශගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ‘කොවිඩ්’ මර්දන විද්‍යුත් වාර්තාව ලබාගැනීමට පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ගිය විට එන්නත් ලබාගත් ස්ථානවලට ගොස් දත්ත පද්ධතියට ඇතුළත්කරගෙන එන ලෙස දැනුම් දෙන අතර ඇතැම් පුද්ගලයන්ට එන්නත් තුනම ලබාගත් ස්ථාන තුනටම යෑමට සිදුවන බවත් දැනගන්නට තිබේ.
ඇතැම් ස්ථානවලට ගිය විට එම ස්ථානවල ජනතාවට පැය ගණන් කාලගත කිරීමට සිදුවන බවත් මෙම තත්වයෙන් විදේශගතවීමට සූදානම් වන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්වන බවට චෝදනා එල්ල වේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් එන්නත් දත්ත පද්ධතියේ ‘හිලක්’
විපරමා Tuesday, 23 August 2022 03:20 PM
අපේ රටේ කොයි වැඩේද හරියටම කෙරුවේ ? නූල් සූත්තර වැඩ නම් අපූරුවට කරයි.
රවීන් Tuesday, 23 August 2022 03:30 PM
ගොඩක්ම එන්නත් සටහන් ඇතුලත් කරලා නැත්තේ හමුදා වලින් ගහපු එව්වට.අඩුම ගනනේ කාඩ් එකවත් හරියට ලියපු නැති එව්වා තිබුනා.
fairoos Tuesday, 23 August 2022 06:28 PM
ඔය එන්නේ එලියට සර්ගේ වැඩවල්. ඒ උනාට කියාගෙන හිටියේ අපි තමයි හොදටම කරේ කියලා.
mihiri Wednesday, 24 August 2022 05:35 AM
ඒකට හේතු ගොඩක් තිබුණා.. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පරිගණක වගේම කාර්ය මණ්ඩල අඩුපාඩු එක හේතුවක්... අනෙක තමයි මහජනතාව විස්තර ලබාදෙන විට එයාලා ලියලා දීපු කොලවල තිබුණු අඩුපාඩු සමහරුන්ට ID, Passport මොකවත් තිබුණේ නෑ. අඩුම තරමේ දුරකථන අංක එකක්වත් නෑ.. පද්ධතියේම අඩුපාඩු නොවේ.. මේක ලංකාවනේ... මුලින්ම දෙයක් කරනකොට ඔහොම තමයි.