IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුවේටයෙන් පිටුවහල් කළ 32ක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ.

මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකි .

මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබූ කාන්තාවන් අනුරාධපුරය, වව්නියා ,ගම්පහ ,කින්නියා , කොළඹ ,කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකාරියෝ වූහ .‍ෙ

කුවේට් ඩිනාර් 250 ක් වැනි වැඩි වැටුප් ලබා ගැනීමට , නීත්‍යානුකූල නොවන සම්බන්ධතා හෝ තම පෞද්ගලික නිදහස වෙනුවෙන් මෙම කාන්තාවන් පිරිස එසේ තම සේවා ස්ථානවලින් පළා විත් සිටියාය.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර , මැදිහත් වී කටයුතු කිරීමෙන් පසු මෙම පිරිස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ .

මේ වනවිට 30,000 ක පමණ පිරිසක් සිය ගිවිසුම් ගත සේවා ස්ථාන වලින් පළා විත් , වීසා නොමැතිව , පිටස්තර ප්‍රදේශ වල රැකියා කරමින් ජීවත් වන බවට තොරතුරු වාර්තා වී තිබේ

.



අදහස් (2)

කුවේටයෙන් පිටුවහල් කළ 32ක් දිවයිනට

nilam Tuesday, 16 May 2023 10:05 AM

හෙද සේවය, සාත්තු සේවය හා අනෙකුත් වෘත්තිය පුහුනුව තරුන තරුනියන්ට ලබා දෙන්න

:       1       4

Sahan Tuesday, 16 May 2023 04:42 PM

සමහර ගෘහ සේවිකාවන් කුවේට් වගේ රටකට යන්නේ පනින්න බලාගෙනම තමයි .ඒගොල්ලෝ එවැනි වැඩ වලට හොඳ පළපුරුදුකම් තියෙන අය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site