
(යොහාන් භාසුර)
බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.
කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Smart phone ගෙනියන්න අවශ්‍ය නැහැ QR Code එක Print කරලා එක අරන් යන්න පුළුවන් ෂෙඩ් එකට එතකොට අවුලක් වෙන්නේ නැහැ ෂෙඩ් එකේ ආරක්ෂිත තැනක සිට ඒ කොඩ් එක චෙක් කරලා යවන්න තියෙන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එක තේරුම් ගන්න බැරි බබාලද ඔය අමාත්‍යාංශයේ ඉන්නේ නිලධාරීන් විදියට ෂෙඩ්කාරයන්ට මොලයක් නැතිවුනාට ඉන්ෂුවරන්ස් වලත් ඉන්නේ ගොබ්බයොද?
ඉන්ධන පොම්පය ආසන්නයට වාහනයක් ඇතුළු වීමට පෙර ඉන්ධන පිරවුම්හලේ දොරටුව අසලින් QR කේතය ස්කෑන් කිරීමට ඔවුන්ට නොහැක්කේ ඇයි?
අපරාදෙ...මෙක කල් දාන්න එපා...ප්‍රින්ටවුට් එකක් අරන් යමු ෂෙඩ් එකට. අපි නම් මහ මොඩ ජාතියක්. නැත්නම් අර QRර් කෝඩ් එකෙ....ඩිජිටල් නම්බර් එක අරන් යමු...
මෙච්චර සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි ඇයි? ස්මාර්ට් ෆෝන් එක අරගෙන නොයා මේ කේතය ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගත්තනම් (කාර්ඩ් එකක් විදියට) ගැටළුව විසදෙනවනේ. මේ වගේ ප්‍රවෘත්ති ජාත්‍යන්තරයට ගියොත් අපේ රට ගැන ඇතිවන ලැජ්ජාව කොහොම වෙයිද? අපේ නිළධාරීන්ට ඕන කරන්නේ ගැටළුවට විසදුම් හොයන්න නෙමෙයි, ඒක තව තවත් අවුල් කරන්නයි. අනික ෆෝන් එක ගෙනියන එකා කොහොමත් ගෙනියනවා.
විසදුමක් සොයාගන්න තුරු ඉන්දන හලට ඇතුල් වීමට පෙර QR code පරීක්ෂා කරන්න. . පිටත මාර්ගයේ දුරකත භාවිතය ගැටළුවක් නොවනු ඇත .
කේතය ප්‍රින්ට් කරලා අරන් යන්න කීවා නම් ඉවරයිනේ... සරලයිනේ...!!!
රක්ෂණ සමාගම්වල තියෙන මෝඩ වැඩ, හැමදේකටම අකුල් හෙලන්න තමයි දන්නේ. එතකොට මම අහන්න කැමැතියි, පොලිස් නිලධාරින් ඉන්ධන පිරවුම්හල්වල තුවක්කු තියාගෙන ඉන්න එක හරිද? ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් කරන මැෂින් තියාගන්න එක හරිද? ඉන්ධන පිරහුම් හල්වලට පැමිණෙන පාරිභෝගිකයින් අතේ තිබෙන ජංගම දුරකථන තියෙන එකත් හරිද? මේ හින්දා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ. මෙම නිලධාරීන් මේ රටෙන් තුරන් කරනකන් මේ රට හදන්න බැහැ. මට පෙනෙන විදියට නිලධාරීන් ඉන්නේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ප්‍රශ්න ඇති කරන්නයි..
ප්රින්ට් අවුට් එකක් අරගෙන අතේ හරි, වින්ස්ක්‍රීන් එකේ අලවලා හරි තියාගන්න...!
කරන්න ගිය හොද දෙය හොරු කට්ටියම එකතු වෙලා මොනවාහරි අවුලක් පෙන්නලා නැති කරන්න බලන්නේ. තියෙන අඩුපාඩුවක් හදාගෙන App එක බාවිතා කරන්න බලන්නේ නැහැ ගසාකන්න පාරවල් නැතිවෙන නිසා.
ශෙඩ් එකේ තෙල් track වෙනවට මුං ගහන ගැටයක් මේක. මෙච්චර දවසක් phone මග තියලද ශෙඩ් එකට ගියේ.
Credit /ATM කාර්ඩ් ගෙවීම් එහෙමත් නවත්තන්න එහෙනම් පෙට්රෝල් පම්ප් ළග.
වවුනියාවෙ දිස්ත්‍රික් ලේකම් කාර්යලයෙ දැනටම මේ දේවල් වෙනම යෙදවුමකින් කරල ඉවරයි. ආණ්ඩුව තාමත් පසුපසින්. ඇයි ජංගම දුරකතනවලට ගිනි ගන්නවද? පිරවුම්හල් හිමියන්ට හොරාකන්න බැරි නිසා මේ.
වාහනෙට තෙල් ගහන්න නැත්නම් අපි කොහොමත් සම්පූර්ණ රක්ෂණයක් දාන්න වෙන්නෙ නෑ. රක්ෂණ ආයතන වලට බම්බු ගයගන්න කියන්න.
ජංගම දුරකථන ගෙනියන්න ඕන නැහැනෙ. ප්‍රින්ට් කරල ගෙනියන්න පුලුවන්නෙ
ඉන්ධන හලේ එළියේ සිකෑන් කරලා ඇතුළට යවන්න පුළුවන් නේද?
ඉතින් print out එකක් අරන් එන්න කිව්ව නම් හරිනේද?
ඉන්දනහල් හිමියන් ඔවුන්ගේ ජාවාරම දිගටම කරනෙ යාම සදහා නව ක්රම කඩාකප්පල් කිරීමට මේ මොහොතේ සියලු උප්පරවැට්ටි යොදනවා
මෙය පදනමක් නැති මිත්‍යා මතයකි. විස්තර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් සොයාගෙන ලිපිය බලන්න...
ප්‍රින්‍ට් කරලා ලැමිනේටඩ් කාඩ් එකක් හදාගන්න පුලුවන් නේ.
ඉන්ධන පිරවුම් හලට ඇතුල්වන ස්ථානයේ කිව් ආර් පරීක්ෂා කර වාහනය ඇතුලට ගැනීමට පුළුවන් නැත්නම් කිව් ආර් කෝඩ් එක රියදුරු බලපත්‍රය වගේ ගෙනයන්න පුළුවන් බොහෝ දෙනෙක් ස්මාට් ෆෝන් නැතිනිසා කරන්නෙ ඒක .එහෙම නැත්නම් කාඩ්පත අඩුම මුදලකින් හදන්න පුළුවන් .මේවා අකුල් හෙලන්නන්ගෙ වැඩ නැත්නම් ඉන්ධන ජාවාරම් කාරයෝ කරවන වැඩ වෙන්න පුළුවන්
අපේ රටේ පිළිවෙළකට කොයිදේ කරන්න හැදුවත් ඔහොම තමයි. කොකොහොමහරි කකුලෙන් ඇදලා කඩාකප්පල් කරනවා. පරණ හොර මගඩි කරන්න බැරිවෙනකොට ඔක්කොටම ලෝකෙ නැති ප්‍රශ්ණ. කොහොමද ඉතිං සිස්ටම් චේන්ජ් කරන්නෙ ??
උගත්කම තිබුණාට බුද්ධිය නැති මේ නිලධාරීන් ඉන්න තුරු සිස්ටම් චේන්ජ් කරන්න බැහැ. මොකද මේ අය ඉන්නෙත් හොරා කන්න හරි, හොරා කන අයගෙන් කන්න ගන්න හරි... අදටත් පිරවුම්හල් වල ඉන්න හැම කෙනාළඟම තියෙනවා. එතැනට යන සෑම පාරිභෝගිකයෙක් ළඟම තියෙනවා. එතකොට නිලධාරින් දැක්කේ නැද්ද?
පිස්සු . කවුද ජංගම දුරකථන නැතිව ෂෙඩ් වලට යන්නෙ. මෙච්චර කාලයක් ජංගම දුරකථන නැතිව තෙල් ගහන්න කිව්වද ? මේවා හොඳයි ගල් යුගයේ මිනිසුන් ට.
දැන් මොබයිල් අරන් යන්නේ නැද්ද ශෙඩ්වලට.... ඉන්ධන හලට ඇතුළුවෙන තැන දීම ඇප් එක බලලා ඇතුළට ගන්න. රක්ෂණ වාරිකය වැඩිකරලා ආවරණය කරන්න කියන්න.
ෆෝන් එක එයාර් ප්ලේන් මෝඩ් දාලා QR කෝඩ් එක පෙන්නුවානම් හරි...
මෙි ඇමතියා පටන් ගන්න සියළුම වැඩ ඔය වගෙ නවතිනවා
පිරහුම් හලට 20 මීටර් දුරින් ඉන්දන හලේ සේවකයෙක් තබන්න qr බලන්න ඉන් පසු ඔහුට ඉතිරි වී ඇති quo ta කෙටි පත්‍රිකාවක සදහන් කර ඇතුලට යවන්න . පොලිස් නිලධාරියන් දෙදෙනෙක් සහයට තබන්න මේක මාසයක් ගැහුවනම් පොලින්ග් ඉවරයි . එහම නැතම් පෝලිමේ පිළිවෙලට ලගට ගොස් qr චෙක්කර ටෝකෙනයක් සමග පත්‍රිකාවක් දෙන්න .
එතකොට පිරුම්හල්වල වැඩකරන අය ජංගම දුරකථන පාවිච්චි කරන්නෙම නැද්ද ..? කට්ටියට හොරෙන් තෙල් බෙදල ගාන කඩාගන්න බැරිවෙන නිසා වෙන්න ඕන මේ හැම ගැටළුවක්ම...
මේකට සත්‍ය හේතුව ඉන්ධන නොමැතිකම හෝ මෘදුකාංග නිසි ලෙස ක්‍රියා නොකිරීම හෝ හදන්න. අලුත් මැතිවරණයක්.. ඒත් ඉක්මණින් පවත්වන්න ඕනේ...!
මෙය ගැටළුවක් නොවේ. වලංගු කිරීම ඉන්ධන පිරවුම්හලේ දොරටුව අසලම සිදු කිරීමට ඉඩ දෙන්න. පොලිසිය හෝ හමුදා නිලධාරීන් විසින් එය සිදු කිරීම වඩාත් සුදුසුය. ඉන්ධන පිරවුම්හල් තුළ වෙනත් වාහනවලට හෝ මිනිසුන්ට ගොඩගැසීමට ඉඩ නොදෙන්න. අද වන විට සමහර ඉන්ධන පිරවුම්හල් කළමනාකරණය කරන්නේ ඒ ආකාරයටයි. ඉන්ධන පොම්ප කරන වාහනයට සහ තවත් වාහනයකට පමණක් ඇතුලට යාමට අවසර ඇත. වෙනත් තාක්ෂණික විසඳුම් ඇත නමුත් ඉහත විසඳුම ක්රියාත්මක කිරීමට පහසුම වේ. ඉන්ධන පිරවුම්හල් තුළ අඩු මිනිසුන් සහ වාහන සමඟ සමස්ත ක්‍රියාවලියම පහසුවෙන් කළමනාකරණය කිරීමට එය උපකාරී වේ
මේ ප්‍රශ්නයට විසඳුම සරලය... ඉඳුමල් කිව්ව ලෙස කොලේක ප්‍රින්ට් කරලා මේක ගෙනියන්න. මෙවැනි සරල විසඳුමක්වත් මොලේට ගන්න බැරි ඇමැති කෙනෙකු සහ නිලධාරී මණ්ඩලයක් ජනතා මුදලින් නඩත්තු කළ යුතුද?
මංනම් කියන්නෙ මේ ක්‍රමය හැමෝටම හදාගන්න බෑ පහසුකම් නැති අයට මේක හදාගන්න ක්‍රමවේදයක් හදන්න
මේ රටේ සෑම දෙයකටම අකුල් හෙලන එමෙන්ම නිවැරදි බවක් නොදකින අහිකුණ්ටක පිරිසක් සිටින බැවින් ඔවුන්ගේ නීති පසෙකලා නව තාක්ෂණය භාවිතා කිරීමට පියවර ගත යුතුය.
මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදි ගැටළු මතුවෙනවා. හැමෝටම තෙල් ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න බැරි ඇයි
අපරාදේ මේවට කියන්න වචන නෑ. නොදන්න කීදෙනෙක් තමන්ගෙ අංකය සංනිවේදන මධ්‍යස්ථානවලින් මුදල් ගෙවා ලබාගෙන ඇත්ද, කිසිම දෙයක් හරියට කරගන්න බෑ
අර එක ප්ලාස්ටික් කාඩ් එකක ප්‍රින්ට් කරගෙන යන්න පුළුවන්නේ. ෆෝන් අවශ්‍ය නැහැනේ...!
තාක්ෂණය යොදා ගන්නා විට වංචා කිරීම හා හිතමිත්‍ර යන්ට ප්‍රමුඛතාවය දීම වැනි දේවල් කිරීමට හුඟක් අපහසු වෙනවා. මේ හේතුව තමා සියලුම දේවල් වලට අකුල් හෙළන දේ. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් අකමැති තාක්ෂණය සමග යන්න. මේ රට වංචනිකයන්ගේම දේශක් බවට පත්වෙලා ඉවරයි. මේක හදනවා බොරු.
මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න දෙන්නෑනේ අප්පා. පුදුම කාලකණ්ණි හැත්තක් ඉන්නේ. මේවාගෙන් තවත් බැටකන්නේ අපියි. නුඹලාට තේරෙන්නේ නැද්ද?
පෙට්‍රල් ශෙඩ්වල අයට බ්ලැක් මාකට් ඉන්ධන විකුණන්න බැරිවෙනවා. ඒකයි ඒ අය අකමැති...
QR එක ප්‍රින්ට් කළා නම් ඉවරයිනේ... ස්මාර්ට් ෆෝන් කොහොමත් හැමෝටම නෑනේ...
එක එක වෙලාවට එක එක ඒවා කියවනවා.. මොවුන්ට විකාරද?
රක්ෂන සමාගමක තාකක්ෂිනික රැකියාවක් කරන පුද්ගලයෙක් විදියට මම මේ කියමන තරයේ ප්‍රත්ක්ෂේප කරනවා.. එහෙනම් තෙල් ගහනකොට ඩ්‍රයවර් ෆෝන් එක ඕෆ් කරලා එන්ජින් එකත් ඕෆ් කරන්න ඕන.. එහෙම තෙල් ගහන පිරවුම්හල් කොහේ හරි දැකලා තියෙනවද මේ ලංකාවෙ..? මේකත් මාෆියා ගේමක් තමා ඉතින්.. බලන් ගියාම කලුකඩ තෙල් ජාවාරමේ පිරවුම්හල් හිමියොම ඉන්නවා වගේ පේන්නෙ...
එක වෙලාවකට එකඑක ඒවා දොඩවනවා. මොලේ අවුල්ද දන්නේ නැහැ..
පෙට්රල් ගහන්න යනවිට ෆෝන් ඔෆ් කරන්ද යන්නේ. Insurance donkeys.
ඉන්දන හිමියන්ට මෙම ඇප් එක නිසා තව දුරටත් ඉන්දන හොර කන්න බැරි වෙනවා එක නිසා මොවුන් රක්ෂණ සමාගම් හෝ මොනයම් ආකාරයකින් මෙය ක්‍රියාත්මක කිරීම වලකන්න උත්සාහ කරනවා
සමහර ත්‍රිරෝද රථ හඳුන්කූරුත් පත්තුකරන් තෙල් ගහන්න යන්නේ... සමහර ශෙඩ්වල උදේට පොම්පෙට දුම් අල්ලනවා.
තෙල් බෙදාහරින විට ඔත්තේ දිනවලදී කාර් වෑන් සදහා සහ ඉරට්ටේ දිනවලදී මෝටර් බයිසිකල් හා ත්‍රීවීලර් සදහා බෙදා හරින්නේ නම් මෙම පෝලිම් අඩුවේවි.
එය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. QR කේතය ප්‍රින්ට් කරගෙන හෝ කාඩ් පතක් ආකාරයට සකසා ගෙන එය ක්‍රියාත්මක කළ හැකියි නේද?
මේ වගේ අය නිසා තමයි රටට හරියන්නේ නැත්තේ...!
ඇත්තට ම මේක පදනමක් නැති කතාවක්. QR code එක ප්‍රින්ට් කරලා අරන් යන්න කිව්වා නම් හරිනේ. අඩුතරමේ මේක කරන්න පුළුවන් ද කියලා උත්සාහ යක් හරි ගන්න පුළුවන් නේ. මට නම් හිතෙන්නේ මේක නිසා පිරවුම් හල් හිමියන්ට ඉන්දන රැස්කරගෙන වැඩි මිලට විකුනන්න බෑ. ඒක නිසයි මෙයාල මේකට අකමැති
ඇයි දැනටත් අපි ෂෙඩ් එකට යන්නෙ පන්සලට යන කොට සෙරෙප්පු ගලවල යනව වගේ ෆෝන් එක පාරෙන් තියලද? මොන හොඳ දේ කරන්න හැදුවත් මී හරක් වගේ හැසිරෙන මුන් එක්කද රට වෙනස් කරන්නේ?
තෙල් ගහන අයත් සමහර වෙලාවට ෆෝන් එක කනේ තියාගෙන තෙල් ගහනවා...
වාහන කාණ්ඩ අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන් මෙසේය. යතුරු පැදි – රුපියල් 1500 ත්‍රී රෝද – රුපියල් 2000 අනෙකුත් වාහන – රුපියල් 7000 මේ පොඩ්ඩ දෙන්නද කෝටි ගාණක ඇප් එකක් ගෙනාවේ. අලියෙක් පෙන්නලා හූනෙක් දුන්නා වගේ...
මොන පිස්සු කතාවක්ද එක මට නම් හිතෙන්නෙ app එකේ bugs තියෙන නිසා හිතාමතාම නොකෙරෙන තැනට වැඩ කරනවා වගේ
බලාපල්ල කවුරැහරි දේශපාලුවෙක් ඕක print කරන්ඩත් ලොකු කොමිස් මුදලක් ගහගෙන ඇති. ලංකාවෙ ඕනිම දෙයක් පාඩු ඒකයි.
මේක ඉන්ධන බෙදුම්හල් වල බැරි බැරියාව හා ඔවුන්ගේ මාෆියාව කරගෙන යාමට අවශ්‍ය පාර හදාගන්න. අද සෑම ඉන්ධන හලකම cards මගින් ගෙවීම් කරන ඉලෙක්ට්‍රෝනික උපකරණ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉන්ධනහල් හිමියන් හා සේවකයන් ජංගම දුරකථන ඕනෑතරම් පාවිච්චි කරනවා. ඒනිසා මේ බොරු කඩාකප්පල්කාරී මිත්‍යා මත අයින් කරලා ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කල යුතුයි. අනික බලපත්‍රය print කරල ඒ print කරපු කොලය පාවිච්චි කරානම් හරි.
නවත්තන්න හේතු හොයන්න එපා. කොහොමහරි plan කරපු දිනයට මෙය ක්‍රියාත්මක කරන්න ක්‍රම වේදයක් හොයා ගන්න. Phone එකෙන් QR එක scan කරනවා වෙනුවට print out එකක් අරගෙන එන එක අනිවාර්ය කරන්න. Print out එක පරිස්සම් කරගන්න එකේ වගකීම පාරිභෝගිකයාට පවරන්න.
වෙනදාට ෆෝන් අරන් යන්නේ නැද්ද? ෂෙඩ්වලට ෂෙඩ් එකෙන් පිටතදී QR පරීක්ෂා කර ශෙඩ්එක තුළට වාහන ඇතුළු කරන්න. ශෙඩ්කාරයින්ට හොරට තොග විකුණන්න බැරි නිසා එයාලා විරුද්ධයි.
ජංගම දුරකථන පෙට්‍රල් ගසන තැන ක්‍රියාත්මක කිරීම අවදානම් සහිත බැවින් QR සංකේතය ප්‍රින්ට් කරගෙන රැගෙන යාම සුදුසුයි.
කරුණාකරල එක් එක් ඉන්ධන පිරවුම්හල සඳහා බාකෝඩ් ස්කෑනරය සහ ෆක්ස් ටැබ් භාවිතා කරන්න.
ඉන්දන නිතරම ඉන්දන හල් වල තියනවනම් හොඩයි
මේ රටේ මොන ප්‍රගතිශීලි වැඩක් කරන්න ගියත් ප්‍රතිගාමීන් හරස් වෙනවා. ව්‍යවස්ථාදායකය මේවගේ අවස්ථාවල ශක්තිමත්ව ජනතාව ගැන සිතා අනවශ්‍ය නීති ඉවත් කරන්න ඕනැ. දැන් ඉන්ධන කළුකඩය රජ කරනවා. ත්‍රී වීල් පාරේ දුවන්නෙ නැහැ ඒ වෙනුවට රියදුරන් පෙට්‍රල් අරගෙන ලීටරය රු 2000ට විකුණනවා.
පාරිභොගිකයන් හැම දෙනාටම QR කෝඩ් එක ප්‍රන්ට් කරගෙන එන්න කියමු . QR ස්කෑන්කරන්න පිරවුම්හලෙන් පිටත තැනක් සැසුම් කරන්න පුළුවන්.
මොන විහිළුවක් ද මේ? එතකොට මේක හැදුවේ පිරවුම්හල් හිමියන් එක්ක කතා කරලා නොවෙයිද? තෙල් බෙදීම නවත්තල සති 3 කට වැඩියි. තම ක්‍රමයක් හොයනවා. කරුණාකරලා වහාම මේක පුද්දගලික අංශයට බර දෙන්න. අසාර්ථක නිලදාරීන් ඉන්න රටට ඉන්දන ටික දෙන්න බැරි ආයතනයක් තවදුරටත් නඩත්තු කරන්න අපිට බෑ. නීකං බොරුවට ජාතික සම්පත් කියා කියා මිනිස්සු රවට්ටන්න එපා. පාඩු ලබන හැම රජයේ ආයතන සියල්ල පුද්දගලික අංශයට බර දෙන්න.
අපිට QR කෝඩ් එකේ කොපියක් පෙට්‍රල් ෂෙඩ් එකෙන් ගන්න පුළුවන්...
සෑම පාර්ශ්වයකටම සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම සහතික කිරීම සඳහා යම් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. QR ස්කෑන් කිරීම සේවකයෙකුට හෝ හමුදා නිලධාරියෙකුට ඉන්දන ලබාදෙන තැනින් පිටත සිදුකලහැකියි.
ඉතින් QR code එක ප්‍රින්ට් කරල ගෙනියන්න පුලුවන්නෙ. ආදායම් බලබලපත්‍රය වාහනයේ තියා ඉන්නව වගේ ඕකත් ඒකෙම තියා ගන්න පුලුවන්නෙ. එතකොට පෝන් එක ගෙනියන්බ ඕනි නෑනෙ
ශෙඩ් එකකට ගිහින් බලන්න. එතන පෙට්‍රල් ගහන්නේ එක අතකින් කෝල් කරන ගමන්. අහෝ ලංකාව. අපට ඉස්සරහට යන්න බෑ. ඉන්දුමාල් කිව්ව වගේ ප්‍රින්ට් කරල ගෙනිච්ච නම් ඉවරයි.
සිස්ටම් එක හොඳයි. ඒ නිසා රක්ෂණ සමාගම් මේ ප්‍රතිපත්ති වෙනස්කර ගතයුතුයි.
මේ මිනිස්සු තමා ගල් යුගයේ මිනිස්සු. හෝමෝ සේපියන්ස්ලා. අපේ ඔක්කොම සිස්ටම් අවුල් කලේ රාජ්‍ය නිළදාරීන් තමා.
ඉන්ධන පිරවීමේදී එන්ජිම ක්‍රියා විරහිත කළ යුතුය යන නීතියට කිසිවෙකුත් අවනතද? ජංගම දුරකථන භාවිත කරන්නනුත් මෙම නීති අනුගමනය නොකරයි. එය මේ පිස්සු රක්ෂණ සමාගම් දන්නේ නැද්ද?
Q.R කේතය Print out එකක් අරගෙන යමු
ඇයි මේ මිනිස්සු මේ තරම්ම නූගත්ද? QR කෝඩ් එක ප්‍රින්ට් කරන් යන්න පුළුවන්නේ.. ඇයි මේ මිනිස්සුන්ට අහිංසක මිනිස්සු විඳින දුක තේරෙන්නේ නැත්තේ. ලොකු පුටුවල ඉන්න හැම මනුස්සයෙක්ම තිරිසන්නු වෙලා...
ලංකාවට බොරතෙල් ගෙනාවා නම් ඔය කිව්.ආර්. කෝඩ් ඕනේ නෑ.. තෙල් පෝලිමත් අවසන් කරන්න පුළුවන්.. හැමදාම පෙට්‍රල්, ඩීසල් නැව් විතරක් ගෙනාවොත් හැමදාම පෝලිමේ ඉන්න වෙයි...!
ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ... වාහන නම්බර් එකට දුන්නා නම් ඉවරයි එච්චරයි..