(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගිවිසුම උල්ලංඝණය කළේ යැයි පවරාගෙන එම සංස්ථාව පවත්වාගෙන යන රාජගිරිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් කිව්.ආර්. කේතය භාවිත නොකර ඉන්ධන නිකුත් කරන බව සෙසු ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති.
ජාතික ඉන්ධන කේතය හෙවත් කිව්.ආර්. කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කිරීම සහ අවම තොග නොපවත්වාගැනීම යන චෝදනා හේතුවෙන් මෙම ඉන්ධන පිරවුම්හල් සංස්ථාව පවරාගෙන ඇති බවත් අද වන විට එම පිරවුම්හල් දෙකේ සමස්ත පරිපාලනය ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.
එම පිරවුම්හල් දෙකේ සේවකයන්ගෙන් කළ විමසුමකදී පැවසුවේ කිව්.ආර්. කේතය පරීක්‍ෂා කිරීමට පිරවුම්හල් දෙක සතුව ජංගම දුරකථන නොමැතිවීමෙන් කිව්.ආර්. කේත පරීක්‍ෂාවෙන් තොරව ඉන්ධන නිකුත් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තෙල් තිබෙන නිසා QR කේත නොමැතිව තෙල් දෙන්න පුළුවන්
දැන් බයික්වලට සතියට ලීටර් 14 ක් දෙනවා. මගේ බයික් එකේ ටෑන්ක් එකේ කැපෑසිටි එකම ලිටර් 12 යි. ඉතිං මොකටද QR එකක් බලන්නේ...?