(යොහාන් භාසුර)
‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේත ක්‍රමය ක්‍රියාත්මක කළ දෙවැනි දිනය වූ අද (3) පෙරවරු 6.00 දක්වා පැය 24 ක කාලය තුළ ඉන්ධන ලීටර 5,038,481 ක් නිකුත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
මෙම ඉන්ධන ප්‍රමාණය ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් 776 ක් සහ අයි.ඕ.සී. පිරවුම්හල් 127 ක් ඇතුළු ඉන්ධන පිරවුම්හල් 903 කින් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර 3,486,144 ක් සහ ඩීසල් ලීටර 1,552,336 ක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.
බලශක්ති අමාත්‍යංශය පැවසුවේ අද පෙරවරුව වන විට කිව්.ආර්. කේතයට වාහන 5,274,730 ක් ලියාපදිංචි වී සිටි බවත්ය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිව්.ආර්. දෙවැනි දිනයේ ඉන්ධන ලීටර ලක්‍ෂ 50 ක් දීලා
බණ්ඩා Wednesday, 03 August 2022 06:50 PM
කේත හොඳයි. ඒත් මිනිස්සුන්ගේ ව්ස්තර, දත්තවල සුරක්‍ෂිතභාවය පිළිබඳ වගකීම ඇමතිවරයා, නිලධාරීන් සහ අමාත්‍යාංශය බාරගන්න ඕනේ. ඒ ඇප් එක හැදුවේ කවුද, ගිවිසුම මොකක්ද? කවුද ඒ දත්ත එකතු කර ගබඩා කරන්නේ කියලා මිනිස්සුන්ට වහාම කියන්න ඕනේ. ඒක දැනගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඉන්ධන ප්‍රශ්නය අද තිබිලා හෙට නැතිවෙයි. ඒත් දැන්ම මේ මිනිස්සු නැතිවෙන් නෑ. ඔය මොනවාට එකඟ වුණත්, ජාත්‍යන්තර නීති අනුව අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය ඒ වගකිම ගන්න ඕනේ...
de silva Wednesday, 03 August 2022 08:55 PM
QR ක්‍රමය නිසා ඉන්දන ජාවාරම් කාරයෝ අමාරුවේ වැටිලා. පිස්සු බල්ලෝ වගේ දගලනවා. ඊයේ පැයක් පමන පෝලිමේ ඉදලා ඉන්ධන ලීටර් 20ක් ලබා ගත්තා. මේ ක්‍රමය නිසා ත්‍රිරෝද රථ ධාවනය කරන්න බැරිනම් ගෙදර ඉන්න කියන්න.
BamunuarachchiThursday, 04 August 2022 06:32 AM
මමත් ඊයේ පලවෙනි සැරේට උදේ 4ට තෙල්පොලිමට ගියා එතකොට පෝලිමේ තිබුනේ වාහන 4 යි, එකෙක් ත්‍රී වීලර් කාරයෙක්. මිනිහා හැදුවේ තැන කාටහරි විකුනන්න. ඒවා කොහෙද අපිත් එක්ක. මම බව්සරය එනතුරු හිටියා දහවල් 2 පමණ තෙල් ආවා. පැය 10 පෝමේ හිටියා ලීටර් 20 ලැබුනා.