
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ මධ්‍යම රාත්‍රී ඇතිවු ගින්නකින් දේපල රැසක් විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ගින්නක් සමගම ඉහළ මහලේ නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු එයින් පිටතට පැන දිවි බේරාගෙන ඇත.
ගින්න සැල වූ වහාම කොල්ලුපිටිය පොලිසිය මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දැනුම්වත් කර තිබූ අතර ගිනි නිවීමේ නිලධාරීන් 28 දෙනකු සමග ගිනි නිවීමේ රථ 7 ක් එම ස්ථානයට ළඟාවී ගින්න අවට පැතිරීමට පියවර ගත්තේය.
තෙමහල් ගොඩනැගිල්ලේ වහලයට මෙන්ම තවත් ගොඩනැගිලි දෙකක වහලවලට හා දේපළ රැසකට දැඩි අලාභාන සිදුවී තිබුණි.
ගින්නට හේතුව විදුලි පේනුවකින් නිකුත් වූ විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd