
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ සුළං සමග කොල්ලුපිටිය ආර්. ඒ. ද. මෙල් මාවත චාල්ස් ඩ්‍රයිව් මාර්ගය අසල පිහිටි ගසක් වැටීමෙන් වාහන 2කට අලාභානි වී එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
ගස කඩාවැටීමෙන් ත්‍රීරෝද රථයකට සහ මෝටර් රථයකට බරපතල අලාභ සිදු වී ඇත.
තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකි.
ඔහු පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර පොලිසිය මැදිහත්ව විනාඩි කිහිපයක් තුළ දී රථවාහන තදබදය මඟහැරවීමට කටයුතු කළේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩි කීපයක් නෙවෙයි, පැයකට වැඩිය ගියා බ්ලොක් එක අඩු වෙන්න. ඔත්න දැන් මාසක් ඇතුලත අනතුරු දෙකයි. මරන පහකුත් ඇතුලුව.