
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිල් පනාගොඩ , දිවුලපිටිය පින්නකැලේවත්ත, හා දැවුමොට්ටාව පදිංචිකරුවන් තිදෙනෙකි.
ගල් කටස් ගිනි අවි දෙකක් ,එම උණ්ඩ අටක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අද්බෝම්බයක් , සොරා ගන්නා ලද යතුරුපැදි දෙකක් පිහියා හයක් සමග ගෙවල් බිඳීමේ උපකරණ කිහිපයක් ද රන් ආබරන කිහිපයක්ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සති තුනකට පමණ පෙරදී කළුමඩ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී වෛද්‍යවරයකුගේ රන් ආභරණ තොගයක් ගිනි අවි පෙන්වා පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් හා දේපළ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් සැරිසරන බවට දෙල්වගුර ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දෙල්වගුර ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා ඇති අවස්ථාවේ සැක කටයුතු යතුරු පැදිය පළා යද්දී පෙරළී ඇත
පෙරළුනු යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා දිව යාමට සූදානම්වූ අවස්ථාවේ පොලිස් කණ්ඩායම් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකුගේ ලිංග ප්‍රදේශයේ සඟවා තිබූ අත්බෝම්බයක් පොලිසියට හමුවී තිබේ.
සෙසු පුද්ගලයා සතුව තිබී ගල් කටස් ගිනි අවියක් හා හුණ්ඩ හතරක් පොලිසියට හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ඒ වන විට ගමන් කරමින් තිබූ යතුරුපැදිය ද මිනුවන්ගොඩ කටු ඇල්ලේගම ප්‍රදේශයෙන් සොරා ගත්ත එකක් බව හෙළි වී ඇත
එමෙන්ම ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදියක් දැව මොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවට ලැබුණ තොරතුරක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු සතුව තිබීද එම සොරා ගත් යතුරු පැදිය හා ගල් කටස් ගිනි අවියක් සමග එම උණ්ඩ හතරක් සහ මන්නා පිහි හයක් සහිත බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ .
යතුරු පැදිවල හොර අංක සවිකරගෙන ගමන් බිමන් ගොස් ඇතැයිද එම අංක තහඩු කීපයක්ද සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් ගෙන් බඩල්ගම වසමේ සිද්ධීන් දෙකක් කටාන හා මිනුවන්ගොඩ පොලිස් වසම්වල සිද්ධීන් එක බැගින් ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
Jak Monday, 17 June 2024 07:59 AM
බඩල්ගම පොලිසියම කොටදෙනියාවට දෙන්න කො.මෙ පැත්තත් සුද්ද කරන්න.