(රංජන් කස්තුරි)
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබේ.
භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා මහතා දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවෙකි.
ඔහු කලක් ස්ටෑන්ඩ්ර්ඩ් චාටඩ් බැංකුවේ සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සේවය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ෆොන්සේකා මහතා අවස්ථා කීපයකදීම බැංකු හා මූල්‍ය සේවා කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රධාන කමිටු කීපයක සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපතනව මුලින්ම. බැංකුවලට පොලු තියපු අයගෙ දේපොළ අත්පත් කරගන්න පුළුන්වන්නම් දක්ෂයෙක් නැත්නම් ඉතින් මොනවා කළත් ඔ්කත් ගොඩගන්න බැරිවෙයි. මහජන කිව්වට මහජනයා ඈත් වෙලා.
ඩිස්ලයික් දානව කියන්නේ බැංකු පොලු වලට කැමතියි කියන එකද? එහෙම නම් මේ රටේ ප්‍රශ්න නෑ බහුතරයක් ඒකට කැමති නම් තව මොනව කතා කළත් ඒවා කතා සාප්පු විතරයි.