(නිමල් ජයරත්න)
කල්මුණේ සුභද්‍රාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති රන්මුතුගල සංඝරතන හිමියන්, ප්‍රජා නායකයින් සහ දෙමළ වැසියන් පිරිසක් එක්ව සිදුකරන මාරාන්තික උපවාසයට සහය පළකරමින් අද(21) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්වහන්සේලා 10නමක්ද ඊට එක්වූහ.
කල්මුණේ සිංහල - දෙමළ ජනතාවට ඉඩම් ලබාදෙන්නැයි ඉල්ලමින් කෙරෙන මෙම උපවාසය පස්වැනි දිනයටත් අද පැවැත්විණි.
මෙම උපවාසයට පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, දිඹුලාගල රාහුලාලංකාර, පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පැලෑටියාවේ දේවමිත්තාලංකාර හිමි ඇතුළු 10නමක් එක්ව උපවාසයේ නිරතව සිටි සියල්ලන්ට පිරිත් සජ්ඣායනා කළහ.
මාරාන්තික උපවාසයේ නිරතව සිටින රන්මුතුගල සංඝරතන හිමියෝ මාධ්‍යයට මෙසේ පැවසූහ.
“ඉදිරි පැය කිහිපය තුළ තම ඉල්ලීම්වලට රජය විසදුම් ලබානොදුන්නොත් රට පුරා දමිළ ජනතාව එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යංශය වටලනවා. ඒ වගේම සිංහල - දමිළ ජනයා උද්ඝෝෂණ සහ උපවස ආරම්භ කරනවා. අද කල්මුණේ - මඩකලපුව මුස්ලිම් අන්තවාදීන්ගේ අයිතීන් ආරක්ෂා වෙනවා. නමුත් දෙමළ ජනයාගේ අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වෙනවා. මේ ගැන රජය නිහඬයි ” යැයිද පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරනන් බඩගින්නේ මැරෙන්න වෙන්නේ ලොක්කන්ට.
යහපාලනය අාවේ මේ සමගිය ඇති කරන්නනේ.. ඔන්න ඒක අැතිවුණා. දැන් ඉතින් කරන්න තියන්නේ මේ ඉල්ලීම ඉටුනොකර සිටීමයි. එතකොට තව තව සමගිය ඇතිවේවි...
කල්මුනෙට ඉඩම් බලතල දෙන්න කියන්නේ මොන බූරු රැලක්ද. තොපි උපවාසකර මියෙම්වා රැකෙම්වා ඉඩම බලතල නොලැබිය යුතුය.