(අජන්ත කුමාර අගලකඩ)
කල්මුණේ උතුර උප ප්රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විසඳුමක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එහිදී කරුණු පැහැදිලි කර ඇති ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මෙය 1989 සිට ඇදී එන ප්රශ්නයක් බව සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර මාසයක් ඇතුළත විසඳුමක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කල්මුණේ උතුර උප ප්රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඉකුත්දා උපවාසයක්ද පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉඩම් බලතල දෙන්න එපා.