IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් දෙකක් සැකපිට

(කේ. බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා ඊයේ (22) රාත්‍රි අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා ඩුබාහිර රටේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටියේ නැමැත්තාගේ දැනුම්දීම මත අතුරුගිරියේ ඝාතනය සිදුකිරීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා මෝටර් රථයෙන් කොරතොට ප්‍රදේශයට පැමිණෙන තෙක් වෑන් රථයේ රැඳී සිට එතැන් සිට සැකකරුවන් දෙදෙනා බුලත්සිංහල ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන යාම සිදුකළ එහි රියදුරු සහ බුලත්සිංහල ප්‍රදේශයේ සිට අදාල වෙඩික්කරුවන් දෙදෙනා බස් රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් එම ප්‍රදේශයෙන් බස්සවා අදාල බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දමා සැඟව සිටි බස් රථයේ රියැදුරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බස් රථයෙහි රියදුරු වන්නේ අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු ලොකු පැටි නැමැති අපරාධකරුගේ ඥාති කාන්තාවක සමඟ විවාහ වී සිටින අයකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 



අදහස් (0)

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site