
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පැවසිය.
මෙලෙස අවාසනාවන්ත ලෙස ධීවර යාත්‍රාව පෙරළි මරණයට පත්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි රනිල් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු හා ඔහුගේ වැඩිමහල් දියණිය වන 18 හැවිරිදි නිලුෂා නෙත්මි ප්‍රනාන්දු බව පොලිසිය කියයි.
විදේශ රටක සිට පැමිණි කතෝලික ඥාති පියතුමකු සමග කලපුවේ ගිලි මරණයට පත්වු පියා හා දියණීය ඇතුළු පවුලේ හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් ඉස්සන් බෝට්ටුව නමින් ප්‍රසිද්ධ කුඩා ධීවර යාත්‍රාවක නැගි කලපු සංචාරයක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස යාත්‍රාව පෙරළි යාමේන් දියේ ගිලි තිබුනි.
කෙසේ වෙතත් යාත්‍රාව පෙරළි යනු දුටු ඒ ආසන්නයෙ සිටි පිරිස් විසින් කඩිනමින් මෙම කුඩා යාත්‍රාවේ ගමන් කල කතෝලික පියතුමන් හා තවත් සිව් දෙනෙකු බේරා ගැනිමට සමත් වුවද පියා හා දියණීය සොයා ගැනිමට නොහැකි වි ඇත්තේ කලපුවේ සැඩ පහර වැඩිවිමත් සමග බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව කැමැත්ත...! යළි භවයක මෙවැනි භයානක මරණයක් නොවේවා..!
දෙවිවරු මොකද කීපදෙනෙක් බේරගත්තේ?
ශුද්ධ වූ, සර්ව කාරුණික, සියලු දෙය දන්නා, සියලු බලයන් ඇති, සර්ව බලධාරී විශ්වය මැවූ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙලු. ඒත් ඒක එහෙම නම් එතුමාගේ followers ලා කරදරවල, විපත්වල වැටෙන්නේ නෑ නේද?
ඉතාමත් කණගාටු සිද්ධියක්. කරුණාකරලා වතුරේ යනවිට පාවීම සඳහා භාවිතා කරන ඇඳුම් ගෙනයාම අනිවාර්‍ය කරන්න...
අමරෙගෙ අදහස අගෙ කරනවා. ආගම් විවේචනය නොකිරීමට කාරුණික වන්න. අපි අලුත් වෙමු...
සබ්භ පාපස්ස අඛරනන්ං කුසලස්ස උපසම්ප්‍රදා සචිත්ත පරි යෝදපනං ඒතං බුද්දානු සාසනං
නොසැලකිල්ලේ වරද දෙවියන්ට නොවේ.....