
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති.
මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගනනාවක අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක රාබු වගා කර ඇත.
මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා කුණු ගොඩට දැමු බව වගාකරුවෝ පවසති.
මේ වන විට විශාල මුදලක් වැය කරමින් කළ වගාවන් මෙසේ විනාශ විමට ඉඩහැරිමට සිදුව ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ නාමල් කරුණාරත්න ලා සහ ජේ.වී.පී ගොවි සමිති .මේවත් ආණ්ඩුවේ වැරදි ?
අපරාදේ .....මේකේ ඉන්නවා කන්න නැති සෙට් එකක් .ඒගොල්ලොන්ට දෙන්න තිබුනේ
කොරන්න එකෙක් නැත්නම් කෝකටත් ඉන්න හමුදාව වත් දාලා රට ඇතුලේ නිෂ්පාදන බෙදහරීමෙ ක්‍රමයක් හදන්න
අහන්න දෙයක්ද? ඉල්ලුමට වඩා වැඩිපුර වගා කළොත් විකුණාගන්න බැහැ. ගියසැරේ තක්කාලි මිල වැඩි වුණානම් මේ සැරේ අනික් වගාවන් නැතුව තක්කාලි වවනවා. තක්කාලි අස්වැන්න වැඩි වුණාම විකුණා ගන්න බැරුව අහක දානවා. ජෙප්පන් කියයි ඕවා ඝෝඨභය මහතාගේ වැරැදි කියලා. සජබයින් කියයි අපි ඇවිත් බලනවා අල බහිනවද කියලා? වැඩිපුර බහිනවා නම් අර්තාපල් හිඟුරල කරලා දෙන්නම් කියලා. රටේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයක් තිබෙනවා. නමුත් ගොවීන්ට උපදෙස් දෙන්න කෙනෙක් නැහැ...