IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කල්පිටියේ නාවික හමුදා කඳවුරක ‌වෙඩි තැබීමකින් අයෙක් මරුට

(එච් .චන්දන)

කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

ඊයේ (28) වැනිදා රාත්‍රී 12.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ නාවික හමුදාවේ  සුළු නිලධාරියෙක් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.

වෙඩි තැබීම සිදු කළ බව කියන නාවික හමුදා සෙබළෙකු ගිනි අවියක්ද සමඟ පලා ගොස් ඇති බවත් ඔහු මොහෙත්තුවාරම දූපතේ ඇති කඩොල් කැලෑවක් තුළ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් කල්පිටිය පොලිසිය පැවසීය.

නාවික හමුදාවේ කණ්ඩායම් කිහිපයක්ම ඔහු සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය කීය.

රාජකාරි ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකින් දුරදිග ගොස් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.

 

 

 

 



අදහස් (3)

කල්පිටියේ නාවික හමුදා කඳවුරක ‌වෙඩි තැබීමකින් අයෙක් මරුට

Chandawimala Himi Sunday, 29 March 2020 02:58 AM

ඉවසීමක් පුරුදු කරලම නැති බවයි මෙකෙන් පෙනෙන්නේ...

:       0       0

Don Sunday, 29 March 2020 03:12 AM

රණවිරු නාමය කෙලසන අයෙක්...

:       0       0

wije Sunday, 29 March 2020 04:32 AM

මේ වෙලා තියන විනාසේ මදිවාට ඔයාලත් මරාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 270 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site