
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
සීමාසහිත කොළොන්න කොරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාවේ නියෝජිතයන් 119ක් තෝරා ගැනීමට පැවැත්වු ඡන්දයේ දී සමගි ජන බලවේගයෙන් නියෝජිතයන් 115ක් ජයග්‍රහණයකර අති විශිෂ්ඨ ජයක් ලැබූ බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) හේෂා විතානගේ මහතා 22දා පැවසීය.
ජයග්‍රහණය කළ නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන 33කින් තේරී පත් වු බව කී හේෂා විතානගේ මන්ත්‍රීවරයා, වසර 25කට පසුව කොළොන්න විවිධසේවා සමූපකාරයේ බලය වෙනස් කිරිමට හැකිවූ බව ද කීවේය.
මේ අතර සෙසු නියෝජිත ධූර හතර ශ්‍රීලංකා පොදුජන පෙරමුණට හිමිවූ බව ද ඔහු පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හේෂා 22 සම්මත කරන්න නොගියේ ඒක තමයි.
සමුපකාර සමිති වලට මොකටද දේශපාලන පක්ෂ සම්බන්ධ වෙන්නේ?
සමූපකාර ව්‍යාපාරය පක්ෂ දේශපාලනයෙන් තොර එකක් වියයුතු නමුත් ලංකාවේ දේශපාලුවන් ඒකත් විනාශ කරලා...