
( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට වැටුණු තරුණියක් තලවකැලේ නගර වැසියන් හා පොලීසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන තිබිණි.
ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී ඇති අතර, ඇය ජලාශයේ දලගමින් සිටින අයුරු දැක ඇති නගර වැසියන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී තිබේ.
නගරය වැසියන් කීපදෙනෙකු ජලාශයට පැන ඇය අල්ලා ගෙන සිටියදී අනෙකුත් පිරිස ලණු දමා දැඩි අසීරුවෙන් ගොඩට ගෙන ඇති අතර, පසුව ඇය ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.
වයස අවුරුදු 24 ක ආගරපතන ප්‍රදේශයේ තරුණියක් මෙසේ ජලාශයට වැටී සිටියදී ගොඩ ගෙන ඇති බවත්, රැකියාවක් නොමැතිව ඒ පිළිබඳව සිත සිතා ජලාශය ආසන්නයෙන් ගමන් කරමින් සිටියදි ක්ලාන්ත ගතියක් ඇති වී ජලාශයට ඇද වැටුණු බව මෙම තරුණිය ප්‍රකාශ කොට ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා. ඔබගේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා. තලවාකැලේ නගරවැසියන්ට හා උපකාර කළ පොලිස් නිලධාරීන්ට අපගේ ගෞරව ස්තුතිය ජීවිතයක් බේරගැනීමට උපකාර කළාට...!
අනේ දරුවෝ, ඔය වගේ අනාරක්ෂිත ස්ථාන අසලින් යනකොට කල්පනාවෙන් යන්න. රටේ ජනතාවට තියන ප්‍රශ්නවලට කලන්තේ නොහැදුණොත් තමයි පුදුම වෙන්න ඕනෑ. නමුත් අපි අපේ ජීවිත ගැන ඔයිට වැඩිය හිතන්න ඕනෑනේ...
දියවන්නාවේ මැති ඇමැතිවරුත් මේ විදිහටම රැකියාවක් නොමැතිව ක්ලාන්තව වැටෙන දවස ඉතාම ළඟයි.