
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල වාරි අැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කිලිනොච්චිය පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් අැත්තේ කිලිනොච්චිය, අලහපුරි පදිංචි දයාලන් තනුසන් (20) ක්‍රිෂ්ණන් සදෙසන් (18) නැමති තරුණයින් දෙදෙනකි.
මියගිය තරුණයින් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එය පාලනය කරගැනීමට නොහැකිව අැළට වැටී තරුණයින් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයටපත්වන්නට අැති බවට පොලිසිය සැකපලකරයි. ඔවුන් දෙදෙනා පැදවූ පැදියද අැළ මාර්ගයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd