
(සුමිත් පොතුපිටිය)
මත්කුඩු සම්බන්ධ නඩුවකට දඩුවම් නියමව කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවාසිටි සිරකරුවෙක් අද (30) පස්වරුවේ පලාගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ පලාගොස් ඇත්තේ හොරණ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි සිරකරුවෙකු බව සදහන් වේ.
කළුතර බන්ධනාගාරය තුල නිළ නිවසක පිරිසිදු කිරීම් සදහා යොදා සිටියදී ඔහු පලාගොස් ඇති බව පැවසේ.
බන්ධනාගාරයට පිටුපස මල්වත්ත ප්‍රදේශයේ කැලෑවට ඇතුළුව පලාගොස් ඇති බවට සැකකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd