
(කුෂාන් ජයවර්ධන)
මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘‘කෝලිත‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය කපා ගෙන ගොස් ඇතැයි රිටිගල වනසත්ව අඩවි කාර්යාලය කියයි.
ප්‍රදේශවාසීන් රිටිගල වනජීවී කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව වනජීවීන් කෝලිතගේ සිරුර සොයාගෙන ඇත.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණීලි කර තිබේ.
වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගළයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතකු බවද වනජීවී නිලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ අහිංසක සතුන්ට ගිනිබිඳ මරාදමන මස්වැද්දන් අල්ලා එතැනම මරා දැමීමට හැකි නීතිරීති සකස් කළ යුතුයි.
ඉතාම කණගාටුදායකයි... මේ වගේ දේවල් කරන තිරිසනුන්ට මොන දඬුවම දුන්නත් මදි...
සංචාරක ආකර්ෂණය දිනාගෙන හිටියා කියලා දැනගෙන හිටියා... නම් වරද වනජීවි දෙපාර්තමේන්තුවම බාරගන්න ඕනේ... අර අප්‍රිකානු අලි රකින්නේ ඒ රටවල වනජීවී නිලධාරින් ගිනිඅවි අරන් දිවා රෑ... අවුරුදු 15 කියන්නේ තවම මොන වයසක්ද?
ඔය දළ දෙක හෙට ලොකු දේදේශපාලකයන්ට හෝ ලොකු පන්සලකට විකුනන්න පුලුවන් ,ගජමුතු අල්ලපු පොලිසියට මොකද දැන් උනේ