(නිමල කොඩිතුවක්කු සහ මහින්ද නිශ්ශංක)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය. ඒ අනුව අද පස්වරු 2.00 ට කැළණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, සවස් කාලයේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය කෙරෙන බවත් පොල්වත්තගේ මහතා පැවසුවේය.
කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රිය බොරැල්ල කොටා පාර දුම්රිය් ස්ථානයට ආසන්නයේ දී ඊයේ (27) පස්වරුවේ පීලි පැනීමකට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd