
(අංජුල මහික වීරරත්න)
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරන අතර මේ වන විට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර දිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් කර ඇතැයි රජය පවසයි.ෙ
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසර 30 කට අධික කාලයක් දුම්රිය රක්ෂිතයේ අනාරක්ෂිත ලෙස අනවසරයෙන් ජීවත් වන අතර, ඔවුන්ගෙන් පවුල් 350 ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇත.
ෙඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස සංකීර්ණයේ සහ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මඟින් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස සංකීර්ණයේ නිවාස ඒකක යොදා ගනිමින්, එකී පවුල් සඳහා නිවාස පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණිවැලි කෝච්චි පාර දෙපැත්තේ අයට අලුත් නවාතැන්
eresh S kumara Tuesday, 06 August 2024 12:43 PM
ඉතා හොඳයි
Lalla Tuesday, 06 August 2024 02:56 PM
අනවසර පදිංචිකරුවන්ට නොමිලේ නිවාස දීම තව එවැන්නන් බෝකිරීමට උනන්දුව ඇතිකිරීමක් නොවේද?අමාරුවෙන් ඉතිරිකර ඉඩමක් ගෙයක් හදා ගෙන ඉන්න අයට සමච්චලයක් නේද. හිඟන මානසිකත්වය වැඩිකිරීම රටට හානිකරයී.