(යොහාන් භාසුර)
කැලණිතිස්ස විදුලි බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් ලබන 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල මණ්ඩලය සතුව ‘නැප්තා’ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් පසුගිය සිකුරාදා සිට විදුලි බලාගාරය අක්‍රීය වීමේ අවදානමක් ඇති වූ අතර ඛනිජ තෙල් සංස්ථාව එදින පස්වරුවේ ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 ක් සැපයීමෙන් එම අවදානමෙන් ගැලුවුණි.
ඛනිජ තෙල් සංස්ථාව අත්පිට මුදලට පමණක් ‘නැප්තා’ සැපයීමට තීරණය කිරීම නිසා මෙම තත්වය උද්ගත වී තිබේ.
කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා වේල සොයා ගනිමින් බැරි බැරි ගායෙන් යන ගමනක්.