(ලාල්.එස් කුමාර)

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 

ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ බොරු පැමිණිලි මත සිරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ යන සිසුන් දෙදෙනා දින 200 වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බැවින් ඔවුන් මහා නිදහස් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

කැලණිය විශ්ව විශ්වවිද්‍යාල භූමියේ සිට විරෝධතා පුවරු ඔසවාගෙන කෑකෝ ගසමින් ඔවුන් සරසවි මාවත ඔස්සේ පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ට ඇතුල්වන ස්ථානයේ සිට උද්ඝෝෂණ යෙදුනි.

සිසුන්ට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ඇතුළු ඇතුළු වීමට නොහැකි වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා තිබුණි.