(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපලවලට පහර දී විනාශ කලැයි තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය ක්‍රියාකාරියකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
එදිනට සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීයකු බව කියන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තන් වේ.
තලංගම පොලිසිය මගින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන් මේ ළමයි පාඩම් කරන්නේ කොහොමද.