
(ලාල් එස් කුමාර)
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන බීබී ආර් බණ්ඩාර නමැති සිසුවෙකි .
එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිටි බව පැවසේ. කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය කණගාටුදායක අලුත් දෙයක් වන අතර ඔහුගේ ආත්මයට නිවන්සුව ලැබේවා, ඒ වගේම ඇල්කොහොල් පරීක්ෂණයක් කර සිද්ධිය වන විට ඔහු සමඟ සිටි පිරිස සොයා ගන්න.