IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කාලගුණයෙන් ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

(ඩයනා උදයංගනී)

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කිරීමෙන් වැළකිය යුතුබවට එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (22) සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයෙර්දී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් සුළං හමන බව එම ප්‍රකාශකයා කීය.

 



අදහස් (0)

කාලගුණයෙන් ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site