IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාලගුණය හෙට ගැන අවධානමෙන්

(ඩයනා උදයංගනී)

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (25) දිවයින හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින අතර ඒ හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිනවල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය.

උතුරු, නැගෙනහිර, වයඹ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

 



අදහස් (1)

කාලගුණය හෙට ගැන අවධානමෙන්

චමින්ද Sunday, 25 December 2022 06:43 AM

දැන් වෙලාව 25 උදේ හයයි තිස් අටයි අකුණු සමග තද වැස්සක් තියෙනවා කාළගුන අනාවැකිය හරි මට මතක් වෙනවා සුනාමි ආවෙත් නත්තල් දින හා පසුදින ආශ්‍රිතව කියලා අදත් එහෙම තමයි 1969 වසරේ ලංකාවෙ ලොකු නාය යාමක් වාර්තා වුනෙත් ඔය දින ආශ්‍රිතව බව සොය බැලුවොත් පෙනේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site