
(යොහාන් භාසුර)
අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද (2) පෙරවරුවේ සිට සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි.
අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 27 ක් ද, දකුණු නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 8 ද, වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 13 ක ද, සූදානමින් සිටින බවත් හදිසි ගංවතුර තත්වයකදී සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර නව නගරයේ සහන කණ්ඩායම් 2 ක් ද, සන්ද්‍යාවේදි බටහිර නාවික විධානය මඟින් තවත් සහන කණ්ඩායමක් රත්නපුර මුවගම ප්‍රදේශයට ද, යොමු කළ බවත් නාවික හමුදාව කියයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පරිදි ස්ථානගත කිරිම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස නාවික හමුදාව සූදානම් කර ඇති බව ද නාවික හමුදාව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පාස් කුලී හේවායින් කියලා ගිය මාසේ හමුදාවට පරිභව කරපු අය බේරගන්න තමයි ඔය යන්නේ... අටපාස් අයට දැනුමක්, ඔළුවක් නෑ කියලා කෑ මොර දීපු අය ගංවතුරට අහුවෙලා මැරෙන්න යනකොට ඒ අට පාස් මොලේ නැති අය තමන්ගේ ඔළුව පාවිච්චි කරලා ඒ කවුරුවත් මැරෙන්න නොදී බේරාගන්නවා. ඔය ඉගෙනගෙන කැම්පස් ගියා කියලා හමුදාවට අටපාස් කුලි කාරයින් කියලා අපහස කරපු අය අවුරුදු 8 ක් 10 ක් උපාධිය සම්පුර්ණ කරගන්න බැරිව විභාග ෆේල් වෙවී ඉන්නේ බුද්ධිමත් හින්දා වෙන්න ඇති... අවුරුදු 8ක් තිස්සේ ඕලෙවල් ඒලෙවල් කරකර ගෙදර හිටියා නම් ඔය හමුදාවල ඉන්න ඔක්කොම කැම්පස් තමයි. අනික කැම්පස් සිලෙක්ට් වෙලා ඕලෙවල්, ඒ ලෙවල් හොඳටම පාස් අය ඕනෑතරම් හමුදාවල ඉන්නවා. කොහොම නමුත් සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. හමුදාවට කොච්චර බැන්නත් ඒ හිත්වල තරහක් නෑ. ඔය ගං වතුරට යටවෙලා ඉන්න අය කවදාවත් ඒකේ කෙළෙහි ගුණ තියන්නේ නෑ...!
බුරියානි අරගල සෙට් එක පළාතේ නැහැ. කෙළවුනාම එන්නේ අටපාස් කුලීකාරයින් ටික විතරයි.. රැට්ටෝ පෙරෙට්ටෝ ජෙප්පෝ කවුරුවත් නැහැ. තව බැනින්න හමුදාවට.