නියම වූ සිරදඬුවමෙන් අඩක් හොඳ කල් ක්‍රියාවෙන් ගෙවා දැමීම හේතුවෙන් සිරගතකර සිටින තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි තක්ෂින් ෂිනවාත්‍රාට නිදහස ලබා දෙන බව එරට අග්‍රාමාත්‍ය ශ්‍රේතා තවිසින් ප්‍රකාශ කළේය.
තක්ෂින් ෂිනවාත්‍රා 2001 වසරේදී තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්වූ අතර 2006 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් ධුරයෙන් පහ කළේය.එම අවස්ථාවේදී ඔහු ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරය වෙත ගොස් තිබිණ.වසර 15 ක් විදෙස්ගතව සිටීමෙන් පසුව තක්ෂින් ෂිනවාත්‍රා තායිලන්තයට පැමිණි අතර විදේශගතව සිටියදී බලය අවභාවිත කිරීම සහ දුෂණ ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීම හේතුවෙන් නඩුවක් විභාග වූ අතර එහිදී ඔහු වරදකරු වීම හේතුවෙන් වසර 8 ක සිර දඬුවමක් නියම විය.
තමාට රාජකීය සමාව ලබා දෙන ලෙස තක්ෂින් ෂිනවාත්‍රා තායිලන්ත රජුගෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම මත ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කිරීමට තායිලන්ත රජු නියෝග කළේය.
බන්ධනාගාර ගත කර දිනයක් යන්නට මත්තෙන් ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමු කළ අතර මාස හයක් කාලයක් තක්ෂින් ෂිනවාත්‍රා බන්ධනාගාර රෝහලේ ගත කළේය.
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් ඉන්නවා කල් ක්‍රියාව හොද නිසා හිරේ නොදාපු අය.
ලංකාවේ වගේම "බන්ධනාගාර ගත කර දිනයක් යන්නට මත්තෙන් ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමු කළ අතර මාස හයක් කාලයක් තක්ෂින් ෂිනවාත්‍රා බන්ධනාගාර රෝහලේ ගත කළේය."
තායිලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ එවුන් අල්ලා ගන්නේ නෑ.